මෙච්චර කල් හිටපු ජනපති වරුන් කරපු දේ පැත්තකට දාලා නව ජනාධිපති තුමා කෙරූ සුපිරි වැඩේ


0

පසුගිය කලය පුරාවට සිටි ජනපතිවරුන් සමහර ජනතවගේ විරෝදය සමග දිවයිනේ සියලු ජංගම දුරකතන වලට සුභපැතුම් යැවිමට කටයුතු කලේ ය.සමහරුන් මේයට කැමැත්තක් දැක්වුවත් බොහෝ දෙනා මෙය තම අප්‍රසාදය දැක්වීමට විය.නව ජනපති තුමා කෙටි පනිවිඩ යදා නොගනමින් තම නව අවුරුදු සුභ පැතුම් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පලක කර සීටියේය.

ජනපතිතුමා ෆේස්බුක් සමාජ ජාලයේ පලකල තිබූ සුභපැතුම

‌ජනපතිතුමා සියලු ජනයාට සුභ්පැතුම් එක්කරමින් පවසා සිටියේ ” නව වසර උදාවූයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව මම දකිමි. එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිවය.
අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙනි. දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය කර තිබේ. ඉන් අප ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව මාගේ දැඩි විශ්වාසය යි.
එසේම විනයගරුක සමාජයක් තුළ ශක්තිමත් වන සුරක්‍ෂිත රටක් ජනතාවගේ ප්‍රමුඛ අපේක්‍ෂාව බව ද මම දනිමි. වත්මන් හා අනාගත දරු පරපුරේ බොහෝ බලාපොරොත්තු මල්ඵල දරනුයේ එවන් සමාජයකය. අප වැඩිහිටියන් ලෙස, ලැබූ නව වසරේ එකී ඉලක්ක කරා ළඟාවීමට දැඩිව අත්වැල් බැඳගත යුතුය.
නව රජය රටට ලෙන්ගතු ජනතාවගේ එකමුතුවේ ජයග්‍රහණයකි. ජනතා අපේක්‍ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගයකට රට තුළ අප ඉඩක් තබන්නේ නැත. ඒ හුදෙක්, සැමට එකාවන්ව සතුටින් ජීවත් විය හැකි යහපත් පරිසරයක් නිර්මාණය කිරීම පිණිසය.
නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලූත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසය යි, ප්‍රාර්ථනයයි.
අපේ සමස්ත ජනතාවටත්, අප දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උරුමවන නව වසරක් වේවා යි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
” යනුවෙනි


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk