නව වසර – සහ නැවුම් දශකය – ලොව පුරා ගිනිකෙළි, නැටුම් හා උත්සව වලින් පිළිගනු ලැබුවද, ඕස්ට්‍රේලියාවේ සැමරුම් මාරාන්තික ලැව් ගින්නෙන් යටපත් වූ අතර හොංකොං සහ ඉන්දියාවේ නව අවුරුදු පිලිගැනීමේ උත්සව විරෝධතා මගින් යටප්පත් කලේය

නවසීලන්ත වැසියන් 2020 පිළිගත් පළමු ජයා වූ අතර, ගිනිකෙළි වලින් ඕක්ලන්ඩ් අගනුවර අහස ආලෝකමත් කළහ.ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ අලුත් අවුරුදු ගිනිකෙළි නැරඹීම සඳහා විශාල ජනකායක් සිඩ්නි වරායට පැමිණියහ. කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නෙන නිසා ඇතිවූ දුමාරය අවට නගරවල සවස අහස ලේ රතු විය.

ලැව්ගින්නෙන් ගින්නෙන් බේරීම සඳහා දහස් ගණනක් ජනයා ඔස්ට්‍රේලියානු වෙරළ තීරයට පැමිනීම නිසා රටේ නැගෙනහිර වෙරළ තීරයේ බොහෝ නගර ගිනිකෙළි සැනකෙලි අවලංගු කරන ලදී .

අර්ධ ස්වයංපාලන සහිත හොංකොං රාජ්‍ය තුල චීනය විසින් ප්රාජාත්රන්තවාදය නැතිකරන බව පවසමින් විරෝධතා කරුවන් වැඩියෙන් පෙළපාලි යාම නිසා හොංකොං රජය වික්ටෝරියා වරායේ ජනප්‍රිය අලුත් අවුරුදු ගිනිකෙළි අවලංගු කළේය.


