නව දශකය සනිහිටුවන් කරමින් එංගලන්ත රජපවුල සිංහාසනේ උරුමක්කාරුවන් හදුන්වා දෙයි


1

නව දශකයේ ආරම්භය සනිටුහන් කරමින් සිංහාසනයේ ඊළඟ උරුමක්කාරයන් තිදෙනා සමඟ රැජිනගේ ඡයාරුපයක් නිකුත් කර තිබේ.එහි දැක්වෙන්නේ වේල්ස් කුමරු, කේම්බ්‍රිජ් ආදිපාදවරයා සහ ජෝර්ජ් කුමරු බකිංහැම් මාලිගයේ රැජින සමඟ සිටගෙන සිටින බවයි.

නව දශකයේ ආරම්භය සනිටුහන් කරමින් සිංහාසනයේ ඊළඟ උරුමක්කාරයන් තිදෙනා ‌(රනල්ඩ් මැකෙක්නි)

නව ඡායාරූපය නත්තලට පෙර සතියේ දී ගන්නා ලද නමුත් මේ වන තෙක් ප්‍රකාශයට පත් කර තිබුනේ නැත.එය පරම්පරා හතරක පසු දෙවන රාජකීය නිල ඡ්‍යාරුපයයි.

93 හැවිරිදි රැජින සිය පවුලේ අය ඉදිරිපිට සිටගෙන නිල් පැහැති කබායක් සහිත සුදු ඇඳුමක් ඇඳගෙන අත්බෑගයක් අල්ලාගෙන සිටී.

රැජිනගේ 90 වන උපන්දිනය නිමිත්තෙන් රාජකීයයන් හතර දෙනාගේ චිත්‍රයක් මීට පෙර 2016 දී නිකුත් කරන ලදී (රනල්ඩ් මැකෙක්නි)

පින්ස්ට්‍රයිප් ඇඳුමකින් සැරසී සිටින ඇගේ පුත් චාල්ස් කුමරු ඇය පිටුපස පළමු පියවරේ සිටගෙන සිටියි.ඔහුගේ අත ඔහුගේ හය හැවිරිදි මුනුබුරාගේ උරහිස මත රැඳේ.අඳුරු ඇඳුමක් සහ නාවික ටයි පටියක් ඇඳ සිටින විලියම් කුමරු තම ආච්චිගේ දකුණු පස සිට දෑත් බැඳගෙන සිටී.

රැජින, චාල්ස් කුමරු, විලියම් කුමරු සහ ජෝර්ජ් කුමරු පසුගිය මාසයේ නත්තල් පුඩිං සෑදු ආකාරය ( පීඒ මාධ්‍ය)

නවතම ඡායාරූපය දෙසැම්බර් 18 වන දින ගන්නා ලදි – එදිනම රාජකීයයන් සිව්දෙනා මාළිගාවේදී නත්තල් පුඩිං සාදමින් ඡායාරූප ගත කරන ලදී.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk