ඇමරිකානූ නේවි ගුවන් නියමුවෙක්ට හමූවූ පිටසක්වල යානය ගැන තොරතුරු එලියට


1

2004 දී නාවික නියමුවන් බටහිර වෙරළට ඔබ්බෙන් අතිශය අසාමාන්‍ය දෙයක් දුටුවේය.ඒ අස්ථාවර, පැහැදිලි කළ නොහැකි පියාසැරි රටාවන්ගෙන් පියාසර කරන වස්තු කණ්ඩායමකි.

වසර කිහිපයකට පසු, මෙම යානා UFO නොහොත් හදූනා නොගත් පියාසර වස්තු ලෙස සලකන ලදි. ඔහුගේ ප්‍රාහරක ගුවන් ‍යානයේ අධෝරක්ත සංවේද මගින් ගන්නා ලද වීඩියෝ තුනෙන් එකක් , 2017 දී ටයිම්ස් පුවත් පත ප්‍රසිද්ධියට පත්කලේය.

අමුතු දිගටි හඳුනා නොගත් වස්තුන් හට ටික් ටැක්” යන අන්වර්ථ නාමය ලබා දෙන ලදි. දැන් එම වීඩියෝ පටය පටිගත කළ නාවික හමුදාවේ ගුවන් නියමුවෙකු වන චැඩ් අන්ඩර්වුඩ්, නව සම්මුඛ සාකච්ඡාවකදී දුටු දේ ගැන නිව්යෝක් සඟරාවට තොරතුරු හෙලිකලේය.

“ඔබ සැතපුම් 10 ඇතින් සිටීනම් ඔබගේ පියවි ඇසෙන් මෙම වස්තුන් දකින්න බැ…සැතපුම් 5 ලං වනතුරු ඔබට එය දෘශ්‍යමානව නිරීක්ෂණය කිරීමට නොහැකි වනු ඇත.”

“මට වඩාත්ම කැපී පෙනුන දෙය නම් එය කෙතරම් වෙනස් ලෙස හැසිරී ඇත්ද යන්නයි.එය කිසි විටක සමාන්‍ය පියාසර වස්තුවක් ලෙස හැසිරුනේ නැ …එය සාමන්‍ය භෞතික විද්‍යාත්මක නියම අනුව නොවේ හැසුරුනේ.”

“හොඳයි, සාමාන්‍යයෙන්, ඔබ දකින්නේ එන්ජින් තාපය මෝචනය කරනවා නමුත් මෙම වස්තුව එසේ නොවේ. එය නිසැකවම කුරුල්ලෙකු නොවීය. අඩි 5,000 ක් හෝ 10,000 ක් හෝ 20,000 ක් උස කුරුල්ලන්ව ඔබ දකින්නේ නැහැ. ”


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk