ඔබගේ ආශාව අභ්යාවකශයේ සවාරියක් යාමට නම් 2020 යනු ඒ සදහා හොදම කාලයයි.එපමනක් නොව දෑනට අප භාවිතා කරන දුරකරථන දත්ත තාක්ශනයද නොසිතූ ලෙස වේගවත් වීමට නියමිතයි.මේ 2020 වසරේ බලාබොරොත්තුවිය හැකි තාක්ශනික වෙනසක්ම් ගැන ලිපියක්
අහ්‍යාවකාශ ගාමින් සහිත අභ්‍යවකාශ ගමන්

මේවන විට සිදුවන බොහෝ අභ්යාවාකශ කටයුතු සිදුකරන්නේ මිනිසුන් රහිතවයි.බොහෝ දේ ස්වයංක්‍රිය රොබෝලා මගින් සිදුකරයි කෙසේ වෙතත් 2020 වසරේ බොහෝ ප්‍රමාණයක් මිනිසුන් සහිත අභ්‍යවකාශ මිශන් සිදුකිරිමට නියමිතයි.නිවාඩු සදහා අභ්යාවාකාශයේ සංචාරය කරන සංචාරකයන්ද 2020 දී වැඩිවීමට නියමිතයි මේ සදහ ඉදිරියෙන්ම සිටින්නේ Virgin Galactic සහ SpaceX සමාගම් වේ.ඔවුන් 2019 වන විට සිදුකරන ලද බොහො පාරික්ශන මේ වන විට සාර්ථක වී තිබෙනවා.
නැමිය හැකි තිර සහිත දුරකතන

2019 වසරේ සැම්සුන්ග් සමාගම නැමිය හැකි දුරකථනයක් අප්‍රියෙල් මාසයේ හදුන්වා දුන්නත් එය එතරම් ජනප්‍රියතාවට පත් නොවීය.එම දුරකතනයේ තිරය බිදියාම් ද වාර්ථ විය.කෙසේ නමුත් මේ වන විට තාක්ශණික සමාගම් දිගුකාලින භාවිතා කල හැකි ලෙස නැමිය හැකි දුරකථන සැදිමේ තාක්ශනය ප්‍රගුණකල ඇත.ඒ අනුව 2020 වසරේ වෙලදපොලට පැමිණෙන දුරකථන බොහොමයක නැවිය හැකි තිරයක් සහිත තාක්ශනය සුලභ වෙනු ඇත.
පරිසර ආරක්ශා වෙනුවෙන් තාක්ෂනික සමාගම් ගන්නා නව ක්‍රියාමාර්ග

2019 වසරේ විරෝදතාකරුවන්ගෙන් පරිසරය රැක ගැනිමට බොහෝ ප්‍රභල විරෝධතා නැගිණ.මෙම විරෝදතා සමග දැවැන්ත තාක්ශනික සාමගම් තම කර්මාන්ත පරිසරය අරාක්ශා කරන ලෙස පවත්වාගෙන යාමට 2020 කටයුතු කරනු බවට මත පලවෙනවා.මේ වන විට ඇස්ථමේන්තු කර ඇති ලෙස බිලියන 18 ක පාවිචියට නොගන්නා ජංගම දුරකථන ඇති බව පැවසෙනවා.2019 වසර අවසන් වන විට මේ බිලියන 18 ට අලුතින් බිලියන 1.3 ක නව දුරකතන එකතුවීමට නියමිතයි.මේවන විට Vodafone වැනි සාමගම් 2023 වන විට සම්පුර්නයෙන් පුනර්ජනනිය බලශක්තියෙන් ක්‍රියා කිරිමට කටයුතු කරන බව පැවසෙනවා.
අධිවේගී අන්තර්ජාල සහ දුරකථන

2019 වසර අවසන් වන විට ලොකය වටා රටවල් 22 ක සුපිරි වේගවත් 5G අන්තර්ජාල ජාල 40 ක් ඇතිවුවා.එය 2020දී ජාල 125 දක්වා වැඩිවීමට නියමිත බව මත පලවනවා.වර්ථමනය වන විට බොහෝ දුරකථන සංනිවේදන සමාගම දත්ත සංනිවේදයට මිල කිරිමට යොදාගන්නේ ග්රාහකයා භාවිතා කරන දත්ත ප්‍රමාණයයි.නමුත් 2020 එය වෙනස් වී දත්තවල වේගයට මුදල් අයකිරිම සිදුවන බව පැවසෙනවා.මෙවන විටද Vodafone සමාගම එලෙස දුරකථන වල වේගය මත ගාස්තු අයකරනා සේවයක් හදුවාදී ඇත.