කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.

එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසුවේ, ඔවුන් මේ වනවිට රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර සදහා රදවාගෙන සිටින බවයි.
ඊයේ සහ අද දිනයේ ඔවුන් රෝහලට ඇතුළත් කළ බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ අදාළ කාන්තාවන්ට වැළදී ඇත්තේ කොරෝනා වෛසරය ද යන්න, සනාථ කර ගැනීම සඳහා රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනන වෙත යොමු කළ බවයි