ඇමරිකාව,බ්‍රිතාන්‍ය තම රටවල් වල ජනයා චීනයේ වූහාන් වලින් ගලවා ගැනීමට සැරසේ


0

එක්සත් ජනපද පුරවැසියන්ට වුහාන් හැරයාමට උපකාර කිරීම සඳහා සම්බන්ධීකරණ කිරිමට එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන , එක්සත් ජනපද රජයට සහය දක්වන බව පැවසෙනවා.

මේ වන විට බෝහෝ රටවල් තම රාජ්‍ය ත්‍රාන්තිකයන් සහ තම රටේ ජනතාව වූහාන් වලින් පිටත් කරගැනීමට කටය්තු කරමින් පවතිනවා.

එක්සත් ජනපද කොන්සල් කාර්යාලය කොන්සියුලර් කාර්යාලයේ ලියාපදිංචි ඇමරිකානුවන් වෙත ගොස් ඔවුන්ට ගුවන් යානයක ආසන ලබා දී ඇති අතර, එහි වෛද්‍ය නිලධාරීන් සිටින බව මේ පිළිබඳව දැනුමක් ඇති එක්සත් ජනපද නිලධාරියෙක් පැවසීය.

මේ වන විට වුහාන් වල ආහාර හිඟයක්ද පවති

වුහාන් හි ඇමරිකානුවන් දහසක් පමණ ජීවත් වන අතර රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ ඉවත් වීමට තීරණය කරන අයට ගුවන් ගමන සඳහා මුදල් ගෙවීමට සිදුවන බව පැවසෙනවා.

දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය වැනි රටවලද තම රාජ්‍ය තාන්ත්‍රිකයින් වුහාන් සිට තමන්ගේම ප්‍රවාහන කටයුතු සංවිධානය කරමින් තම රටේ ජාතිකයන් වූහාන් වලින් පිටතට රැගෙන යාමට සංවිධනය වෙමින් සිටින බව ඔහු පැවසීය.

2003 දී චීනයට බලපෑ SARS වසංගතයේ උච්චතම අවස්ථාව වන විටත් එක්සත් ජනපදය සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පුරවැසියන් වුහාන් වෙතින් ඉවත් කර ගත්තේ නැත.එලෙස වූ වතත් කොරෝනා වෛරයස නිසා මෙලෙස රටෙන් පිටව යන්නේ මන්දැයි ඇසූ විට, මෙම නිලධාරියා පැවසුවේ, “අපි සියලු දෙනාම SARS වෙතින් අපගේ පාඩම ඉගෙන ගත්තා” යනුවෙනි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk