ඉන්දියාව බලා යන කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් එක්කරයිද


0

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටී20 තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස් කැදවා ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.32 හැවිරිදි මැතිව්ස් ඉන්දියාවේ පැවැත්වෙන තරග 3 කට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු සංචිතයට ඇතුළත් වන බව ක්‍රිකට් මණ්ඩලය පවසයි .

මෙම සංචිතය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන බව මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීනවා.

ඇන්ජලෝ මැතිව්ස්| Dinuka Liyanawatte/Reuters

2018 අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව මැතිව්ස් සිය අවසන් විස්සයි 20 තරගය ක්‍රීඩා කල අතර එහිදී ඔහු ශ්‍රි ලංකා කණ්ඩාය්ම ජයග්‍රහනය කරා ගෙන ගියත් ඔහුට කඩුල්ලේ රැදීසිටිමට හැකිවූයේ පන්දු 3 ක් දකවා පමණි.

ශ්‍රී ලංකා සංචිතය: ලසිත් මාලිංග (නායක), දනුෂ්කා ගුණතිලක , අවිෂ්කා ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ෂානක, කුසල් පෙරේරා, නිරෝෂන් ඩික්වෙල්ලා, ධනංජය ද සිල්වා , ඉසුරු උදනා, භානුක රාජපක්ෂ, ඔෂාඩා ෆර්නැන්ඩුරා, ලක්ෂන් සඳකන් සහ කසුන් රාජිතා


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk