ඉන්දීය දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයත් අවලංගු වෙයි


0

කොවිඩ් -19 පැතිර යාමත් සමග, ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) අප්‍රේල් 15 වනදා දක්වා අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ, ඉන්දියාව සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඊමේල් හුවමාරු කර ගනිමින් පවතින තත්වය ගැන සාකච්ඡා කිරීමෙන් අනුතුරුව, බී.සී.සී.අයි සහ දකුණු අප්‍රිකානු (සී.එස්.ඒ) ක්‍රිකට් පාලක මණ්ඩල දෙකම අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි තීරණයකට එළඹී ඇති අතර, පවතින තත්වය මත දකුණු අප්‍රිකා ඉන්දීය තරඟාවලිය පසු දිනකට නැවත පැවැත්වීමට වඩාත් සුදුසු යැයි තීරණය කර තිබෙනවා..

මෙම තීර්ණයට ස්ටාර් ඉන්දියා හි විකාශකයන්ද එකඟ වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සිකුරාදා සවස ආපසු තම රට බලා යාමට නවදිල්ලියට යමින් සිකුරාදා ගොස් සිටිනවා මේ පිලිබද වැඩි දුර අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසූවේ

“මෙම තීරණය අත්‍යවශ්‍ය මෙන්ම පූර්වාරක්ෂාවක්. අපි තත්වය අධීක්‍ෂණය කරමින් සිටින අතර වෛද්‍ය සහ වෛරස් විශේෂඥ්ඥයින් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සිටිමු. විශේෂඥයින්ගේ අදහස් අනුගමනය කරමින් අපගේ ක්‍රීඩකයින් රැකබලා ගැනීමේ අපගේ යුතුකම පිළිබිඹු වන අයුරින් ක්‍රියා කරන්නෙමු.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk