විශ්රාමික ක්රිකට් ක්රීඩකයින් සඳහා විස්සයි 20 තරගාවලියක් වන මාර්ග සුරක්ෂිතතා දැනුවත් කිරීමේ මාලාවේ තෙවැනි තරගයේදී සචින් තෙන්ඩුල්කාර්ගේ ඉන්දියා ලෙජන්ඩ්ස් පිල තිලකරත්න දිල්ෂන්ගේ ශ්රී ලංකා ලෙජන්ඩ් පිල පරාජය කළේය.
ඉර්ෆාන් පතන් ගේ ලකුණු 57 ක් සහ මොහොමඩ් කයිෆ්ගේ ලකුණු 46 ක් සමගින් ඉන්දියාවට පන්දු 8 ක් ඉතිරිව තිබියදී ජයග්රාගි ඉලක්කය පසුකලේය. සචින් සහ සෙවාග් වේලාසනින් පිටත්ව ගියද, ඉන්දියාව ලකුණු 139 ක ඉලක්කය පසුපස හඹා ගියේය.

ශ්රී ලංකාව ඔවුන්ගේ ඕවර 20 කදී ලකුණු 138/8 ක් රැස් කර තිබූ අතර තිලකරත්න දිල්ශාන් ලකුණු 23 ද කලුවිතාන ලකුණු 21 ද චාමර කපු ගෙදර ලකුණු 23 බැගින් ලබාගන්න ලදි.
පන්දු යැවීමේදී චමින්ද වාස් විකට් 2ද,රංගන හෙරත් විකට් එකක්ද සචින්ත සේනානයක විකට් 1 බැගින් ලබා ගැනීමට සමත් විය.චමින්ද වාස්ගේ පන්දුවක් හමුවේ සචින් තෙන්දුර්කා ලකුණු නොලබා දැවී ගියේය.