අද දින කැඳවනු ලැබූ පරිදි හිටපු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩික මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන අංශය හමුවේ පෙනී සිටි නමුත් ප්‍රකාශයක් ලාබා නොදී පිටව ගියේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයට අදාළව තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් වාර්තා කිරීම සඳහා ජයවර්ධන මහතා ඊයේ (02) කැඳවා තිබුණි.
අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය නිවේදනය කළේ අද දින ජයවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම නොකරන බවත් පසු දිනක ඔහු නැවත වරක් කැඳවන බවත්ය.
කෙසේ වෙතත්, 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශතකයක් රැස් කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා කියා සිටියේ පෞද්ගලික හේතුන් මත තමා අද වාර්තා නොකරන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති බැවින් තමා කොට්ඨාශයට පැමිණි බවයි.
ඊයේ රාත්‍රී 11.30 ට කල්දැමීම පිළිබඳව තමාට දන්වා ඇති බවත්, පෞද්ගලික හේතුන් මත ඔහු පෙනී නොසිටින බවට ඇතැම් මාධ්‍ය වාර්තා අද උදැසන පැවසූ බවත් ජයවර්ධන මහතා පැවසීය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් වැරදි මාධ්‍ය වාර්තා පැහැදිලි කිරීම මගේ යුතුකම බැවින් අද මම කොට්ථාශය වාර්තා කිරීමට තීරණය කළෙමි. තවදුරටත් අදහස් දැක්වූ මහේල කියා සිටියේ තමා ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බවත් ක්‍රීඩාවට ගරු කරන බවත් ය.
තමා නිකුත් නොකළ ප්‍රකාශ උපුටා දක්වමින් අසත්‍ය ප්රවෘත්ති වාර්තා නොකරන ලෙස ජයවර්ධන තවදුරටත් මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.“ක්‍රිකට් යනු ඉතා ගෞරවයට පාත්‍ර වූ ක්‍රීඩාවකි. අනාගතයේදී රට තුළ ක්‍රීඩාව නිසි ආකාරයෙන් ක්‍රීඩා කිරීමට හැකිවන පරිදි පරිසරයක් නිර්මාණය කිරීම මගේ වගකීමයි.