කුමාර් සංගක්කාර ක්‍රිස් මොරිස් වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් විශාල මුදලක් වැය කළේ ඇයිදැයි ප්‍රකාශ කරයි


0

ඉන්දියානු ප්‍රිමියර් ලීග් 2021 වෙන්දේසියෙන් පසුව දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්ගේ මිල ගණන් විශාල කතාබහට ලක්ව තිබේ. මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ රාජස්ථාන් රෝයල්ස් වෙන්දේසියේදී මොරිස් වෙත වැඩිම ලංසු තබන ලදි.අවසානයේදී ඩොලර් බිලියන 1.625 ක දැවැන්ත මිලකට ඔහුව තෝරා ගැනීම අවසන් කළේ රෝයල්ස් කණ්ඩායමයි.

එය දිල්ලි ඩෙයාඩෙවිල්ස් විසින් 2015 දී යුවරාජ් සිං සදහ තැබූ ලංසුව වූ අයිපිඑල් ඉතාහසයේ වැඩිම ලංසුව ඉක්මවා යාමක් විය.මොරිස් ‘මිලදී ගැනීමේ පිටුපස ගිය චින්තනය කුමක්ද? රාජස්ථාන් රෝයල්ස් ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර ඒ පිළිබඳව පැහැදිලි කිරීමට උත්සාහ කර තිබේ.

අයි.පී.එල්. වෙන්දේසියේදී මොරිස්ගේ මිල ඉහළ මට්ටමක පවතින බව සංගක්කාර එකඟ වුවද, පිතිකරණයෙන් ක්‍රීඩා අවසන් කිරීමට ඇති හැකියාව වෙනුවෙන් දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයා ලැබීම ගැන ඔහු සතුටු විය.මොරිසි ලබා ගැනිමට මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ස් බැංගලෝර් යන කණ්ඩායම් දෙකම උනන්නදු විය.

“ක්‍රිස් මොරිස් පිතිකරුවෙක් ලෙස සහ පන්දුවන්නෙක් ලෙස ඉරියව් දෙකෙන්ම ඔහු අපගේ පැත්තට ගෙන එන දේ ගැන අපි සතුටු වෙනවා.අයිපීඑල් හරහා ඔහු ලබාගන්නා ලද ලකුණු ගැන අපි සතුටු වෙනවා.ඔහු වැනි අයෙකු අපගේ සංචිතයට ඇතුළත් කිරීම ගැන අපි සතුටු වෙනවා” සංගක්කාර පැවසීය.


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry