2015 දෙසැම්බරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් පෙරේරා තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත්වීම නිසා, ක්‍රිකට් තහනමක් ලොක ක්‍රිකට් මත්ද්‍රව්‍ය නාශක මර්දන ඒජන්සියෙන් පණවන ලදි,අවසනයේ දි හෙලි වූයේ එම පරීක්ශන වාර්තා වැරදි සහගත පරික්ශණ වාර්තා බවයි.
මේ නිසා ලෝක ක්‍රිකට් මත්ද්‍රව්‍ය නාශක මර්දන ඒජන්සියෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක වන්දියක් කුසල් පෙරේරාට ගෙවීමට සූදානම් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා තහවුරු කර තිබේ.

කටාර් පදනම් කරගත් විද්‍යාගාරයක් විසින් ක්‍රීඩකයාගේ මුත්‍රා සාම්පලවල තහනම් ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන් පසුව කුසල් පෙරේරට මෙම තහනම පනවන ලදි. කෙසේ වෙතත්, කටාර්හි සොයා ගැනීම් සත්‍ය නොවන බව පැරිස් පදනම් කරගත් විද්‍යාගාරයකින් සොයා ගැනීමෙන් පසුව 2016 මැයි මාසයේදී මෙම චෝදනා ඉවත් කරන ලදී.
කුසල් පෙරේරාගේ වෙනුවෙන් සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් 100,000 ක පිරිවැයක් දැරීමට සිදු වූ අතර, කුසල් පෙරේරා මේ වන විටත් තරග ගාස්තුවෙන් උපයාගත් මුදල් මගින් මණ්ඩලය වෙත ආපසු එම මුදල ගෙවා ඇති බව සදහන් වනවා