දකුණු අප්‍රිකාවේ ජුනි මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇති බව දෙරටේ පාලක මණ්ඩල ඊයේ නිවේදනය කළේය.දකුණු අප්‍රිකාව එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 2 ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන දෙකම එක්ව මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“සංචාරය සදහා රට යථා තත්ත්වයට පත් වූ පසු දෙරටේ අන්තර්ජාතික ක්‍රිකට් දින දර්ශන නැවත සකස් කර තරග සටහන් නැවත සැලසුම් කරනු ලැබේ.
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක ජැක් ෆෝල් සඳහන් කළේ සෞඛ්‍ය ගැටලු නිසා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට නිසි ලෙස සූදානම් වීමට නොහැකි ව ඇත්තේ රට කොරෝනා වයිරසය නිසා අගුළු දැමීම නිසා බවයි “අපට මෙම පියවර ගැනීමට සිදුවීම ඉතා කණගාටුවට කරුණකි. ක්‍රිකට් ක්‍රීඩාව යථා තත්ත්වයට පත්වූ විගසම අපි ශ්‍රි ලංකා සංචාරය නැවත ඉඩ දෙන්නෙමු” යැයි ෆෝල් පැවසීය.