මහේලගේ මගපෙන්වීමෙන් 2020 ත් කිරුළ දින්න සූදානම් වන මුම්බායි කණ්ඩායම


0

ඉන්දියානු ප්‍රිමියර්-ලීග් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන්නේ මුම්බායි ඉන්දියන්ස් (එම්අයි) ය. රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම පසුගිය කාලය තුළ ශූරතා 4 ක් දිනා ඇත.

පසුගිය වර හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරඟයේදී ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් (සීඑස්කේ) පරාජය කරන ලදී. අනෙක් අතට, CSK යනු තුන් වතාවක් අයිපීඑල් ශූරයන් වේ.

2020 ප්‍රිමියලීග් තරගාවලියේදී ඔවුන්ගේ කණ්ඩායම ශක්තිමත් කිරීමට ඔවුන් දැනටම කටයුතුකරමින් සිටී ඔවුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ට්‍රෙන්ට් බෝල්ට්ගේ සේවය තම කණ්ඩායමට ලබාගෙන ඇත. එම නිසා දැනටම ශක්තිමව ඇති ලසිත් මාලිංග ,ජස්ප්‍රිත් බුම්රා සමග මුම්බායි පිලේ පන්දුයවන බලඇණිය ශක්තිමත් වනු ඇත.

මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රි ලංකාවේ අග්‍රගනයේ පිතිකරුවෙකු වන මහේල ජයවර්ධනයි.ඉන්දිය ප්‍රිමියලීග් තරගාවලිය මාර්තු 29 වන දින ආරම්භවිමට නියමිතයි.මුම්බායි කණ්ඩායම අයිපීඑල් සදහා මේ වන විට කෝටි 83.5 ක මුදලක් වියදම් කර ඇති බව පැවසෙනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk