මහේල ජයවර්ධන අද ඔහුගේ 43 වන උපන්දියන සමරයි. බොහෝ ශ්‍රී ලාංකික පිතිකරණ වාර්තා වල හිමිකරු වන ඔහු. වසර 17 ක් තුළ ටෙස්ට් තරග 149 ක්‍රිඩාකර ඇති අතර ඔහු ජාත්‍යන්තර ශතක 34 ක් සමග ලකුණු 11,814 ක් රැස් කර ගෙන ඇති අතර,එම සංඛ්‍යා ඉක්මවා ඇත්තේ කුමාර් සංගක්කාර විසින් පමණි. ජයවර්ධන ශ්‍රී ලාංකිකයෙකු විසින් වැඩිම ලකුණු ලබා ගත් වාර්තාවද වන්නේ – 2006 දී ඔහුගේ ලබාගත් ලකුණු 374 යි.
2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයේදී කඩුලු 9 කින් පරාජයට පත්වීමෙන් අනතුරුව ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නේය. ඔහු 2008 සිට 2013 දක්වා අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ අතර 2010 ඔහුගේ හොඳම වසර වූ අතර ඔහු තරග 13 කදී ලකුණු 449 ක් රැස් කළහ.
ජයවර්ධන ඉන්පසු පුහුණුකරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමේ 2017 සහ 2019 වසර වලදී කටයුතු කල අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරතා දෙකක් දිනා ගැනීමට සමත් විය.
අද දින උපන්දිනය සමරන ඔහුට බොහෝ ක්‍රිඩා ලොලින් සහ ක්රිකඩයන විසින් උපන්දිනයට සුභ පතා තිබෙනවා.ඒ අතර ශ්‍රි ලංකාවේ තවත් සුපිරි ක්‍රිඩකයෙකු වන කුමාර් සංගක්කාගේ උපන්දින සුභ පැතුමද සදහන් වනවා
Happy 50th birthday @MahelaJay great milestone. Have a wonderful day. Many more to come.
— Kumar Sangakkara (@KumarSanga2) May 27, 2020