මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇති බව වාර්තා වනවා. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහ එහි වඩාත්ම සාර්ථක නායකයාගේ වෘත්තීය ජීවිතයයි මෙලෙස අවසන් වෙන්නේ.
ලෝක කුසලානය, විස්සයි 20 ලෝක කුසලානය සහ චැම්පියන්ස් කුසලානය යන අයිසීසී කුසලාන තුනම ඔසවා තැබූ එකම නායකයා ඔහු වන අතර ඔහු ඉන්දියාව අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම ඔහු ගෙන ගියේය.

39 හැවිරිදි දෝනි සිය නිවේදනය නිකුත් කිරීම සඳහා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේන් ඔහුගේ නිල ගිණුමේන් පැරණි ගායක මුකේෂ්ගේ ගීතයක් සමග සිය වෘත්තීය දිවියේ සිට පින්තූර පෙළක් ඉදිරිපත් කරමින්, ස්තූතියි – ඔබගේ ආදරයට සහ සහයෝගයට බොහෝම ස්තූතියි. පැය 1929 සිට මා විශ්‍රාමිකයෙකු ලෙස සලකන්න ලෙස සදහන් කර තිබිණ.
Thank you Mr. Cool!!#MSDhoni #Dhoni pic.twitter.com/BnI7dwB3cL
— Doordarshan National (@DDNational) August 15, 2020
විශ්‍රාම ගැනීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් බලාපොරොත්තු වන අතර, දෝනි එළඹෙන අයිපීඑල් 2020 සඳහා ක්‍රීඩා කරනු ඇත. මෙම නිවේදනයෙන් කියැවෙන්නේ දෝනිගේ අවසන් ජාත්‍යන්තර තරගය ඔහුගේ 350 වන එක්දින තරගය ලෙස පවතිනු ඇති අතර, එහිදී ඔහු නවසීලන්තයට එරෙහිව 2019 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ලකුණු 50 ක් රැස් කළේය .
2004 දෙසැම්බරයේ ආරම්භ වූ ජාත්‍යන්තර වෘත්තීය දිවිය තුළ ඔහු ටෙස්ට් තරග 90 ක් සහ විස්සයි විස්ස තරග 20 කට ක්‍රීඩා කර තිබේ.ඔහුගේ සාම්ප්‍රදායික නොවන ශෛලිය සහ දැඩි පීඩනය හමුවේ සන්සුන්ව සිටීමට ඔහුට ඇති හැකියාව නිසා පිතිකරුවෙක් සහ නායකයා වශයෙන් ඔහු ජාත්‍යන්තර පිටිය තුල අමතක කල නොහැකි ක්‍රිඩකයෙකු වී සිටියේය.