එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇත්තේ සඳුදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව් ප්‍රාන්තයේ අහමදාබාද් නුවරට පැමිණෙන විට විව්ෘත්ත කරනු ඇත.
ට්‍රම්ප් ලබන සතියේ සිය පළමු නිල චාරිකාව සඳහා ඉන්දියාව බලා යද්දී,ඇමරිකානු නිලධාරින් එක්සත් ජනපදයට ඉන්දියාවේ කිරි සහ කුකුළු මස් වෙළඳපොලවලට වැඩි ප්‍රවේශයක් ලබා දීම සදහා නිෂ්පාදන සඳහා තීරුබදු අඩු කිරීම පිලිබඳ දීග ලෙස සක්ච්චා කිරීම සිදුකරමි පවතිනවා.
එමෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ අගනුවර මෙන්ම ඉන්දියාවේ නිදහස් නායක මහත්මා ගාන්ධිගේ වාසස්ථානය නැරඹීමටද ට්‍රම්ප් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෝඩි අගමැති වූ දා සිට චීනයේ, ජපානයේ සහ ඊශ්‍රායලයේ නායකයින් සියල්ලෝම අහමදාබාද් වෙත ගොස් ඇත. 2014 දී බලයට පත්වීමට පෙර මෝඩි වසර 13 කට ආසන්න කාලයක් ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා විය.
මුඩුක්කු පදිංචිකරුවන්ට නෙරපා හැරීමේ දැන්වීම් ලබා දීම සහ ට්‍රම්ප් විව්ෘත්ත කරානා ක්‍රීඩාංගණයට යන මාර්ගයේ මීටර් 400 ක තාප්පයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අහමදාබාද්හි නාගරික බලධාරීන් විවේචනයට ලක්විය.
110,000 ප්‍රේක්ෂකයින් සඳහා ධාරිතාවයක් ඇති මොටෙරා ක්‍රීඩාංගණය මෙතෙක් ලොව විශාලම ක්‍රිකට් ක්‍රිඩාංගනය වූ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට වඩා විශාල වේ.
ට්‍රම්ප් විසින් විවෘත කිරීමට නියමිත ක්‍රීඩාංගනය හිමි ගුජරාට් ක්‍රිකට් සංගමයේ ලේකම් අශෝක් බ්රහම්බට් කියා සිටියේ මෙම අවස්ථාවට රුපියල් මිලියන ගණනක් වැය කරන බවයි.
ට්‍රම්ප් ගුවන්තොටුපලේ සිට නගර මධ්‍යයට යන විට ඔහුට සුබ පතන්නට 100,000 කට අධික පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව අහමදාබාද් නාගරික කොමසාරිස් විජේ නෙහාරා ඉරිදා ට්වීට් කළේය. ට්‍රම්ප් පසුගිය සතියේ මෝඩි පොරොන්දු වූ පරිදි “මිලියන ගණනක් ජනයා තම ගමනට සුභපතනු ඇත ලෙසයි”.