විරාත් කෝලි ලකුණු 133 කින් සංගාගේ සහ තෙන්දුල්කාර්ගේ වර්තාවක් බිද දැමීමට සූදානම් වෙයි


0

ඉන්දියාවේ නායක විරාත් කෝලි සිය එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 12,000 ක් ලබා ගැනීමට ලකුණු 133 ක් පමණක් ඉතිරිව ඇති අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරග තුනේ එක්දින තරගාවලියේදී එය කළ හැකිය.

කෝලි සිය වෘත්තීය දිවියේ ඉනිම 239 ක් ක්‍රිඩාකර ඇති අතර එයින් අදහස් වන්නේ ඔහු මෙම තරගමාලාවේදී 12,000 ඉක්මවා ගියහොත් ඔහු සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව බිඳ දමා වේගවත්ම ලකුනු 12000 ලබාගත් ක්‍රිඩකයාගේ ස්ථානය බවට පත්වනු ඇති බවයි.

තෙන්ඩුල්කාර් ඉනිම 300 ක් ක්‍රීඩා කර ලකුණු 12000 ක් ලබාගෙන තිබේ. ඕස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටිං  ඉනිම 314 කදී ලකුණු 12,000 ක් ලබා ඇති අතර දෙවන ස්ථානයේ පසුවන අතර, හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ඉනිම 336 කදී එසේ කළේය.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය බ්‍රහස්පතින්දා ධර්මශාලාවේදී පැවැත්වෙන අතර දෙවන එක්දින තරගය ඉරිදා ලක්නව් හිදී පැවැත්වේ. අවසන් එක්දින තරගය මාර්තු 18 වනදා කොල්කටා හිදී පැවැත්වේ


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk