විසිවතාවක් පීසීආර් කර කොරෝනා ටෙස්ට් රැජින බවට පත්වූ බව පැවසෙන ප්‍රිතිසින්ටා


0

නිළි ප්‍රීති සින්ටා විහිළුවට ලක් කරන්නන් පවසන්නේ ඇය කොරෝනා පරික්ශන සදහ විශේශ්ඥයෙකු වී ඇති බවයි.ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දැනට ක්‍රියාත්මක වන කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට සහය දැක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ප්‍රීති අඟහරුවාදා ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවක් පළ කර ඇත.

“මම කෝවිඩ් ටෙස්ට් රැජිනක් බවට පත්ව සිටිමි. මෙය මගේ 20 වන කොවිඩ් පරීක්ෂණය” යනුවෙන් ඇය ලියා තිබේ. තවද ඇය පවසන්නේ “හැමෝම මගෙන් අහනවා අයිපීඑල් කණ්ඩායමේ ජෛව බුබුලේ සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නයි? හොඳයි! එය ආරම්භ වන්නේ දින 6 ක නිරෝධායනයකින්, සෑම දින 3-4 කට වරක් පීසීආර් පරීක්‍ෂා කිරිම සහ පිටතට නොයෑම – ඔබේ කාමරය තුල සිටීම සහ නම් කරන ලද #KXIP අවන්හලට සහ ජිම් එකට පමනක් යාමයි ”ඇය ලිවීය.

එලෙසම පිටතින් ආහාර ඇණවුම් කිරීමට කිසිවෙකුට අවසර නැති බව නිළිය පැවසුවාය.රියදුරන්, සූපවේදීන් යනාදිය ද ජෛව බුබුල තුල ඇති අතර ඔවුන්ද නිරෝධායනය කර ඇත … එබැවින් පිටතින් ආහාර සහ මිනිසුන් අතර අන්තර් ක්‍රියාකාරිත්වයක් නොමැති බව ඇය පවසනවා


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk