ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගත් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ මුත්තියා මුරලිදරන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් නම් කර ඇති බව විස්ඩන්’ ක්‍රිකට් මාසික සඟරාව පවස්නවා.
“අපි 2000 සිට දත්ත රැස්කරමින් සිටිමු. එබැවින් මෙම ලැයිස්තුව 2000 සිට 2020 දක්වා කාලය සඳහා වේ” යැයි විස්ඩන් ක්‍රිකට් හි අලෙවිකරණ අධ්යක්ෂ සෑම් ස්ටෝ පැවසීය.

මුරලිදරන් 2000 සිට 2010 වනදා අතර ලබාගත් කඩුලු 800 න් 573 ක් ලබාගෙන ඇති අතර ඒ සදහා ඔහු තරග කර ඇත්තෙ තරග 85 ක් පමණි.ලොව කඩුලු 800 සීමාව කරා ළඟා වූ එකම පන්දු යවන්නා මුරලිදරන් වන අතර විශ්‍රාම යන අවසන් තරගයේදී කඩුලු 10 ක් දවාගෙන තිබේ.
ලොව වැඩිම කඩුලු සංඛ්‍යාවක් වාර්තා කළ මුරලිදරන් කඩුලු 1354 ක් රැස් කරගෙන වැඩිම කඩුලු බිඳ හෙලා ඇති ක්‍රිඩකයාගේ වර්ථාවටද හිමිකම් කියා සිටියි.