ෆේස්බුක්, ගූගල් සහ ට්විටර් ව්‍යාජ කොරෝනා වෛරස් සුව කිරීම් ගැන සදහන් අන්තරගතයන වැඩ බදී


0

ෆේස්බුක්  ,ට්විටර් සහ ගූගල් ආයතන එකව ව්‍යාජ කොරෝනා සුව කිරීම් සහ රෝග වැළැක්වීමේ ක්‍රමවලට අදාල අන්තරගතයන් ඉවත් කිරිමට පියව ගනිමින් සිටිනවා.

ෆේස්බුක් හි කැන්ග්-ෂින් ජින් විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද්දේ “ව්‍යාජ සුව කිරීම් ක්‍රම හෝ නිසි සුව කිරීමේ ක්‍රම වැළැක්වීමට ” හෝ “පවතින සෞඛ්‍ය සම්පත් පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇති කරන” අන්තරගතයන් ඉවත් කිරීම සිදුකරනා බවයි.

ගූගල් ( GOOGL ) බ්‍රහස්පතින්දා නිවේදනය කළේ මිනිසුන් කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු සොයන විට එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ යාවත්කාලීන කිරීම් විශේෂ දැන්වීමක් ලෙස ලබා දෙන බවයි.

ගූගල් සමාගමට අයත් යූ ටියුබ්, මිනිසුන් වෛරසය පිළිබඳ විඩියෝ සෙවූ විට විශ්වාසදායක ප්‍රභවයන්ගෙන් වීඩියෝ ප්‍රවර්ධනය කරන බව පැවසීය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk