ඉතිහාසයේ ප්‍රථම වතාවට 19 පහල ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සමත්විය. බංග්ලාදේශය කඩුලු 3 කින් ඉන්දියාව පරාජය කළේය.
අයිසීසී ක්‍රිකට් ඉසව්වකදී බංග්ලාදේශයේ ලැබූ විශාලතම ජයග්‍රහණය මෙයයි. මෙයට පෙර ඔවුන් කිසිම ආකාරයක ක්‍රිකට් තරඟයකදී අයිසීසී ප්‍රධාන ඉසව්වක අවසන් තරඟයකට සුදුසුකම් ලබා නැත.

බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රීඩක නවීඩ් නවාස් වේ.
වර්තමාන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය 2018 ජූලි මාසයේදී ඔවුන්ගේ 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු ලෙස නවීඩ් නවාස් පත් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක් හා එක්දින තරග 3 කට ක්‍රීඩා කළ නවාස් මීට පෙර ශ්‍රී ලංකා 19 න් පහල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
තරගාවලියේ පළමු වටයේ දී ඉන්දියාව සහ නවසීලන්තයට එරෙහිව පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය.