ඉන්ස්ටග්රෑම් හි අනුගාමිකයන් මිලියන 200 ක් වෙත ළඟා වූ පළමු පුද්ගලයා බවට ක්රිස්ටියානෝ රොනාල්ඩෝ පත්විය


0

පසුගිය වසරේ අග භාගයේ දී ඉන්ස්ටග්‍රෑම් හි වැඩිම ආදායමක් උපයන පුද්ගලයා යන කිරුළ හිමි කර ගැනීමෙන් පසු ,සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 200 ක් අනුගමනය කරන ලද පළමු පුද්ගලයා බවට පත්වි වාර්ථවක් තබා තිබෙනවා.

34 හැවිරිදි පෘතුගීසි ජාතික සුපිරි තරුවක් වන රොනාල්ඩෝ ඊයේ ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඔහු අනුගමනය කල රසිකයන්ට ස්තුතිය පලකල සිටියේය.

රොනාල්ඩෝ දෙවෙනි වන්නේ අනුගාමිකයන් මිලියන 300 සිටිනා ඉන්ස්ටර්ග්‍රැම් නිල ගිනුමට වේ.ඇමරිකානු සුපිරි පොප් ගායිකා ඇරියානා ග්‍රෑන්ඩ් මිලියන 173.1 ක් අනුගාමිකයන් ප්‍රමානයක් සිටින අතර ඇය එම ලයිස්තුවේ තෙවෙනි ස්ථානය ලබාගෙන ඇත.

ඉන්ස්ටර්ග්‍රැම් රොනාල්ඩොගේ ප්‍රධාන ආදායම් මාර්ගයන් අතරින් එකද වි ඇති බව කියවෙනවා.ඔහු විවිද සන්නාම සමග පෙනීසිටින ඡයාරුප ඉන්ස්ටර්ග්‍රැම් තුල පල කල 2019 වසරේ ඩොලර් මිලියන 47.8 ක් උපයා ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk