කාන්තා පිලත් පුහුණු තරගයෙන් එංගලන්තය පරදා ජය ලබයි


0

මැයි 21 වන දින ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන හා අවසාන පුහුණු සැසියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තය කඩුලු 10 කින් පරාජය කරන ලදී.

එංගලන්ත කාන්තා කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් අතර ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දවා ගත්හ.

ඒ අනුව එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමේ ආරම්භක පිතිකාරියන් දෙපළ වූ චමරි අතපත්තු සහ හසිනි පෙරේරාවේ.චමරි අතපත්තු හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 50 කදී වේගවත් ලකුණු 78 ක් ලබා වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.ඇයට අමතරව අනගි සහායක් ලබා දුන් හසිනි පෙරේරා හතරේ පහර 4 ක් සමඟින් පන්දු 25 කදී වේගවත් ලකුණු 29 ක් ලබා ගත්තාය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය ලබන 22 වැනිදා නවසීලන්තය සමඟ පර්තිහි වකා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk