ඕස්ට්‍රේලියානු නව හැවිරිදි පිරිමි ළමයෙක් හඩමින් වැලපීම නිසා තම ජීවිතය අවසන් කර ගැනීමට අවශ්‍ය යැයි පවසන වීඩියෝවක් අඟහරුවාදා (පෙබරවාරි 19) පළ වූ දා සිට ලොව පුරා සිටිනා ජනතාවගේ සහයෝගය ලැබී තිබේ.

සිකුරාදා සවස 4 වන විට වීඩියෝව මිලියන 17 කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇත.මෙම වීඩියෝව අඟහරුවාදා ප්‍රසිද්ධියට පත් වූ දා සිට, ක්වාඩන් ලොව පුරා සිටින පුද්ගලයින්ගේ අවධානය දිනාගෙන ඇත.”ක්වාඩන් – ඔබ දන්නා තරමට වඩා ශක්තිමත්” යැයි නළු හියු ජැක්මන් ට්විටර් වීඩියෝවකින් පැවසීය. “මොනවා වුනත් ඔයාට මගේ මිතුරුකම තියානවා .”
ගෝල්ඩ් කෝස්ට් හිදී සෙනසුරාදා මාඕරි ඕල් ස්ටාර්ස් පිලට එරෙහිව පැවැති තරගය සඳහා නායකත්වය දෙන ලෙස ජාතික රග්බි ලීගයේ ස්වදේශික All Stars කණ්ඩායම ක්වාඩන්ට ආරාධනා කළේය.
ඕල් ස්ටර් කන්ඩායමේ නායක ෆුල්බැක් රබිටෝ ලැට්රෙල් මිචෙල් වීඩියෝවකින් මෙම ආරාධනය කළේය.කණ්ඩායම් නායක ජොයෙල් තොම්සන්ගේ අත අල්ලාගෙන සිටි ක්වාඩන්ව ඔවුන්ව තණතීරුව වෙත රැගෙන ගියේ ප්‍රේක්ශක ජනතාවේ ජයගෝශා මධ්‍යයේය.
ක්වඩන් “ඔහුගේ ජීවිතයේ නරකම දවසේ සිට ඔහුගේ ජීවිතයේ හොඳම දිනය දක්වා ගමන් කරමින් සිටින” බව සිකුරාදා යාරාකා බේල්ස් මව ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.