COVID-19 ඉන්දියාව සහ අසියානු කලාපයේ පැතීරීයාම සමග ක්‍රිඩකයන්ගේ සහ රසිකයින්ගේ හා මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන්, Unacademy Road Safety World Series හි ඉතිරි තරඟ කල් දමා තිබෙනවා.
මෙම තරගාවලිය පවතින මහාරශ්ටක පාන්තයේද කොරොනා ආසාධිතයන් දහයක් හමුවී තිබෙනවා.සංවිධායකයින් මීට පෙර පූනේ එම්.සී.ඒ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තිබූ තරඟ අවලංගු කර නවී මුම්බායි හි ඩී.වයි පටිල් ක්‍රීඩාංගණයට ගෙන ගොස් තිබුණි.

තරගය හිස් ක්‍රීඩාංගණවල පැවැත්වීමට ද මීට පෙර තීරණය කළ නමුත් දැන් ඒවා අවලංගු කර ඇත.තරඟාවලිය කල්දැමීමත් සමඟ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ශ්‍යාම් ඉම්පෙට් ප්රකාශරනු ලැබුවා.
තරගාවලියේ ඉතිරි තරඟ මැයි මාසයේදී පැවැත්වීමට අපේක්ෂා කෙරේ.ශ්‍රි ලංකා පිල අවසන් තරගයෙන් එක් ලකුණකින් ඉන්දියානු කණ්ඩායමට පරාජයවිය.