හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති දෙවන එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව තරග 3 කින් යුත් තරගමාලාව 2-0 ලෙස ජයගත්තේය.
345 ක් පසුපස හඹා ගිය කීරාන් පොලාර්ඩ්ගේ නායකත්වයෙන් යුත් ආරම්භක පිතිකරු ෂායි හෝප් (51) සහ සුනිල් ඇම්බ්‍රිස් (17) පළමු කඩුල්ල සඳහා ලකුණු 64 ක් එක් කළහ.
ආරම්භක පිතිකරු වූ හෝප් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ නමුත් 18 වැනි ඕවරයේදී ඇන්ජලෝ මැතිව්ස් විසින් ඔහු දවා ගැනිමට සමත්විය. පන්දුවාර දෙකකට පසුව, මැද පෙළ පිතිකරු ඩැරන් බ්‍රාවෝ, වනින්දු හසරංගගේ ගුග්ලි පන්දුවක් විසින් දවා ගනා ලදි.
ඉන්පසු රොස්ටන් චේස් (20) සහ නිකලස් පූරන් (31) දෙදෙනා ලකුණු කිහිපයක් එකතු කර ගැනීමට උත්සාහ කළහ. ඔවුන්ගේ ජයග්‍රහනය සදහා සබධතාවක් ගොඩානගාගත් , නමුත් ලක්ෂන් සඳකන් චේස්ගේ විකටුව බිඳ දැමූ අතර කොදෙව්වන්ගේ ලකුනු සටහන 130-4 ලෙස සටහන් කලේය.
වනිදු හසරංග සහ සඳකන් කඩුලු 3 බැගින් ද, නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් ද, මැතිව්ස් එක් කඩුල්ලක් ද ලබා ගත්හ.බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක්දින තරගවලදී ශ්‍රී ලංකාවට ලැබුණු විශාලම ජය මෙය වේ.