ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරු ටොම් මූඩි , උපදේශක කාර්යභාරයක් සඳහා පත් කිරීම සඳහා ශ්‍රී ලංකා සමඟ සාකච්ඡා කරමින් සිටී.
ශ්‍රී ලංකාව 2007 ලෝක කුසලාන අවසන් මහා තරඟයට පිවිසියේ ද මූඩි යටතේ පැවති ශ්‍රි ලංකා කන්ඩායම පැවති සමයේය. දේශීය ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා ඔහුගේ පුළුල් අත්දැකීම් භාවිතා කිරීමට මණ්ඩලයට දැන් අවශ්‍ය වී තිබේ.

මෙම ඉල්ලුමට ධනාත්මක ප්‍රතිචාරයක් ඔහු දක්වා ඇති අතර ඔහුගේ පළමු උපදේශන කටයුතු පෙබරවාරි මස මැද භාගයේදී ආරම්භ කළ හැකි බව පැවසෙනවා.
54 හැවිරිදි පුහුනුකරනයේ ප්‍රවීණයෙකු වන ටොම් සමඟ පුහුනු සැසි සැලසුම් කිරීමට යන පිරිවැයන් සහ නියමයන් සහ කොන්දේසි පිළිබඳව ශ්‍රි ලංකා ක්‍රිකට් මේ වන විට සාකච්ඡා කරමින් සිටී.
ජෙරොම් ජයරත්න නැවත පුහුණු අංශයට ප්‍රධානියා ලෙස මාරු කර ශ්‍රී ලංකාව ජාතික පුහුණු ව්‍යුහයේ පූර්ණ වෙනස් කිරීමක් සිදු කළ අතර ජාතික කණ්ඩායමට නව මුහුණු පත් කළේය.