අක්ටික් කලාපයම රුසියාව ආරක්ශා කරනා ආකාරය


0

ගුවන් යානා ,ක්ෘස්-මිසයිල සහ හයිපර්සොනික් ආයුධ ඇතුළු විවිධ තර්ජන සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් සහ අධීක්ෂණ හැකියාවන් ආක්ටික් ප්‍රදේශයට ලබා දීමට සදහා නව දිගු දුර රේඩාර් පද්ධතියක් සකස් කරන බව රුසියාව පවසයි.

රුසියාව පවසන ලෙස ඔවුන් ඔවුන්ගේ 29B6 Konteiner radar පද්ධතිය ආක්ටික් ප්රදේශයේ ස්ථාපනය කර ඇත.මෙමගින් යුරෝපයේ බොහෝ කොටස් සහ මැද පෙරදිග කොටස් ද ඇතුළුව රුසියාවේ බටහිර කොටස ගැන පූර්ව අනතුරු ඇඟවීම් සහ සාමාන්‍ය අධීක්ෂණ ආවරණයක් සපයයි.

කොන්ටයිනර් යනු අධි-සංඛ්‍යාත සම්ප්‍රේෂක සහ ග්‍රාහක අරා වලින් සමන්විත අතිශය විශාල, බිස්ටැටික් පද්ධතියකි. මෙහි සම්ප්‍රේෂක අරා ( transmitter array ) පළල අඩි 1,440 කට වඩා වැඩි වන අතර, ග්‍රාහකය 144 අඩි 4,265 ක් පළල පුරා පැතිර ඇත.

කොන්ටයිනර් පද්ධතිය ආවාරණය කරන පරාසය

මෙය අංශක 180 ක චාපයක් ලෙස එක් නිශ්චිත දිශාවකට ස්ථාවර ආරක්ශාවක් සපයයි.ඉලක්කයේ ප්‍රමාණය හා වර්ගය මෙන්ම කාලගුණය සහ අනෙකුත් වායුගෝලීය තත්වයන් මත පදනම්ව අභ්‍යවකාශයේ මායිම දක්වා සහ සැතපුම් 1,240 ත් 1,864 ත් අතර දුර වස්තූන් හඳුනාගෙන ඒවා ලුහුබැඳිය හැකියව ලබා දෙයි.

දිගු දුරින් ඉලක්කයන්ගේ චලනය නිරීක්ෂණය කිරීම සඳහා මෙම වර්ගයේ අධි-ක්ෂිතිජ රේඩාර් ප්‍රයෝජනවත් වේ. නමුත් ඒවා ප්‍රහාර එල්ල කිරීම සඳහා, පෘෂ්ඨයේ සිට -ගුවනට මිසයිල එල්ල කිරීමට භාවිතා කිරීමට අවශ්‍ය විශ්වසනීය දත්ත සපයන්නේ නැත.

මෙම පද්ධතිය ඒකාබද්ධ ගුවන් ආරක්ෂක ජාලයක කොටසක් ලෙස ඔවුන් යොදාගනා අතර මේ සමග ඔවුන්ගේ ජංගම ගුවන් යානා, නැව් සහ වෙනත් භූගත සංවේදක සහිත රේඩාර් පද්ධතිද යොදා ගනි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk