අඩු වියදම් වෙන්ටිලේටර් නිර්මාණය සඳහා විවෘත කේත සැලසුම් ප්‍රකාශයට පත් කිරීමට MIT කණ්ඩායමක් බලාපොරොත්තු වේ


0

රෝගීන්ට උපකාර කළ හැකි අඩු වියදම් ශ්වසන යන්ත්‍රයක් සඳහා විවෘත කේත සැලසුම් ප්‍රකාශයට පත් කිරීමට MIT පර්යේෂකයන් බලාපොරොත්තු වේ.

මොටරයක් මගින් උපාංගය ස්වයංක්‍රීයව රබර් බැගයක් සම්පිඩනය කරමින් රෝගියාට ක්ෘතිම ස්වසනය ලබාදෙයි ,

කණ්ඩායම මෑතකදී MIT Emergency Ventilator Project හෙවත් ඊ-වෙන්ට් එළිදක්වන වෙබ් අඩවියක් දියත් කළ අතර එහි සඳහන් වන්නේ “හදිසි භාවිත අවසරයක්” යටතේ වේගවත් සමාලෝචනයක් සඳහා ඔවුන් මෙම උපකරණය ඇමරිකාවේඑ ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියට ඉදිරිපත් කර ඇති බවයි.

ඇමරිකාවේ සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානයේ ඇස්තමේන්තුවකට අනුව , පෙබරවාරි වන විට එක්සත් ජනපදයේ රෝගීන්ට ලබා ගත හැකි වෙන්ටිලිටර් යන්ත්‍ර 170,000 කට ආසන්න ප්‍රමාණයක් තිබුණි . නමුත් කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිරී යාමේදී මෙම යන්‍ත්‍ර 740,000 කට වඩා අවශ්‍ය විය හැකිය .

පවත්නා නිෂ්පාදකයින් වේගයෙන් නිෂ්පාදනයන් කිරීමට ක්‍රම සොයමින් සිටිති . වොෂිංටන්හි වෙන්ටිලේටර් යන්ත්‍ර සපයන සමාගමක් වන වෙන්ටෙක් ලයිෆ් සිස්ටම්ස්, දැවැන්ත ජීඑම් සමාගා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් StopTheSpread.org නමින් සමාගමක් අරඹා නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ හා සමානව, වාතාශ්‍රය නිපදවීම වේගවත් කිරීම සඳහා GE හෙල්ත්කෙයාර් සමාගමද ෆෝඩ් සමගම සමඟ කටයුතු කරමින් සිටිනවා .


MIT Emergency Ventilator Project මගින් නොමිලේ බෙදා දීමට සැරසෙන සැලැස්ම අනුව මෙම වෙන්ටිලේටර් මැශින් ඩොලර් 100 එනම් ශ්‍රි ලංකා මුදලින් රුපියල් 20000 ක් පමන ප්‍රමාණයකට නිර්මාණය කල හැකි බව පැවසෙනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk