අප්‍රිකානු රටවල් වල කොරෝනා වෛරස අනුපාතය සෞඛ්‍ය විශේෂඥ්යින්ට ප්‍රහේලිකාවක් වෙයි


0

බිලියන 1.3 කට ආසන්න ජනගහනයක් සිටින අප්‍රිකා මහාද්වීපයේ කොරෝනා මරණ ලෙස වර්ථාවන්නේ ඉතා සුළු සංඛ්‍යාවක් වන අතර, දියුණු සමහර රටවල කොරෝනා ආසාධිතයන් ලක්ශ තුනකට ආසන්න වන විට මරණ සංක්‍යාව තිස්දහසට ආසන්න වෙමින් පවති.

‌ලෝක සෞක්‍ය සංවිධානය අප්‍රිකාව ගැන අනතුරු ඇගෙව්වේ අප්‍රිකා මහද්විපය චිනය සමග සම්බන්ධතා පැවැත්වීම සහ ඔවුන්ගේ ඇති දුර්වල සෞක්‍ය පද්ධතිය නිසයි.

“අපගේ ලොකුම කනස්සල්ල වන්නේ කොවිඩ් -19 දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවල ව්‍යාප්ත වීමේ හැකියාවයි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පෙබරවාරි මාසයේ ඉතියෝපියාවේ අගනුවර ඇඩිස් අබාබා හි රැස්වූ අප්‍රිකානු සංගමයේ සෞඛ්‍ය අමාත්‍යවරුන්ට පැවසීය.

මහාද්වීපයේ වසංගතය වඩාත් ව්‍යාප්ත නොවීමට හේතුව “කිසිවෙකු දන්නේ නැත” යැයි දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි අප්‍රිකානු සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ මහාචාර්ය තුම්බි නුන්ඩු පවසයි. “සමහර විට අප්‍රිකාව සහ චීනය අතර එතරම් සංචාරයක් සිදුවි නොතිබීම විය හැකියි ලෙස ඔහු පවසයි .”

වාසිදායක දේශගුණික සාධක ද කොරොනා පැතිරි නොයාමට හේතවක් විය හැකි බවට සමහර විද්වතුන් මත පල කර ඇත .

“සමහර විට වෛරසය අප්‍රිකාව තුල පැතිරිම සිදු නොවන්නේ අප්‍රිකාවේ පරිසර පද්ධතිය නිසා විය හැක නමුට් අපි එය හරියටම නොදනිමු” යැයි පැරීසියේ බිචැට් රෝහලේ බෝවන රෝග අංශ ප්‍රධානී මහාචාර්ය යස්ඩාන් යස්දාපානා පැවසීය .

මෙම උපකල්පනය කෙන්යාවේ නයිරෝබි හි ආගා ඛාන් විශ්ව විද්‍යාල රෝහලේ ආසාදන පාලන කාර්ය සාධක බලකායේ ප්‍රධානී මහාචාර්ය රොඩ්නි ඇඩම් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. “දේශගුණය සම්ප්‍රේෂණයට බලපාන බවට කිසිදු සාක්ෂියක් දැනට නොමැත,” ඔහු පැවසීය. “සමහර ආසාදන සඳහා ජානමය වෙනස්කම් ඇති විය හැකි බව සත්‍යයක් වුවත් … කොවිඩ් -19 සඳහා ඒ සඳහා වර්තමාන සාක්ෂි නොමැත.”

බටහිර හා මධ්‍යම අප්‍රිකාවේ සමස්ත කලාපයටම වගකිව යුතු සීඩීසී [රෝග පාලන මධ්‍යස්ථානය] පිහිටා ඇත්තේ නයිජීරියාවේ අගනුවර වන අබුජාහි ය. එයින් අදහස් කරන්නේ සෞඛ්‍ය කටයුතුවලදී නයිජිරියාවේ ඔවුන්ගේ සංවිධානාත්මක ප්‍රමිතිය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

“2014 දී ඉබෝලා වසංගතය ඉතා ඉක්මණින් පාලනය කිරීමට සමත් වීම නිසා මේ වන විටත් නයිජීරියාව ප්‍රසිද්ධ වී තිබේ” යැයි
සංවර්ධනය වෙමින් පවතින රටවල බෝවන රෝග පිළිබඳ විශේෂඥ්ඥයෙකු වබ ඇල්ට්මන් පෙන්වා දෙයි.

රටේ ඉබෝලා තුරන් කිරීමට නයිජීරියානු බලධාරීන්ට ගත වූයේ මාස තුනක් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රෝග වැළැක්වීමේ හා පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානය නයිජීරියාවේ වසංගතය හමුවේ ප්‍රතික්‍රියාකාරිත්වයට සුභපැතීය.



Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk