කැරට් 555.55 ක කළු දියමන්තියක් Sotheby’s Dubai වෙන්දේසි ආයතනය විසින් වෙන්දේසියට ලක්කර ඇත. Sotheby විසින් “The Enigma” ලෙස නම් කර ඇති දුර්ලභ මැණික, අභ්‍යවකාශයෙන් පැමිණි එකක් යැයි විශ්වාස කෙරේ . උල්කාපතයක් පෘතුවිය සමග ගැටිමෙන් මම දියමන්තිය පෘතුවියට පැමින ඇති බවයි පැවසෙන්නේ. මෙම ප්‍රමාණයේ ස්වභාවික මුහුණැති කළු දියමන්තියක් “අතිශයින්ම දුර්ලභ සිදුවීමක්” වන අතර, එය ප්‍රදර්ශනය කිරීමෙන් පසු පෙබරවාරි මාසයේදී ලන්ඩනයේ දී එය පවුම් මිලියන 5 (ඩොලර් මිලියන 6.8) දක්වා අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Auction house Sotheby's is opening bids for The Enigma, a 555.55 carat black diamond, on February 3. It's suspected to have come from an asteroid that collided with Earth. pic.twitter.com/Hcfyqe45z0
— IGN (@IGN) January 20, 2022
කළු දියමන්ති, Carbonado diamonds ලෙසද හැඳින්වේ, වසර බිලියන 2.6 ත් 3.8 ත් අතර කාලයකට පෙර කාල නිර්ණය කළ හැකි අතර අන්තර් තාරකා අවකාශයේ ඇති මූලද්‍රව්‍ය නයිට්රජන් සහ හයිඩ්රජන් මෙම දියමන්තියෙන් සොයාගෙන ඇත. උල්කාපාතවල ඇති ඛනිජයක් වන ඔස්බෝනයිට් ද ඒවායේ අඩංගු වේ.
සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රමවලට අමතරව බිට්කොයින් සහ එතෙරියම් හි දීමනා පිළිගන්නා බව වෙන්දේසිකරු නිවේදනය කිරීමෙන් පසුව, පෙයාර් හැඩැති මැණික් ගල ඩොලර් මිලියන 12.3 කට සමාන මුදලකට අලෙවි විය. මිලදී ගැනීම සඳහා භාවිතා කරන ලද ගුප්තකේතන මුදල් දෙකෙන් කුමන ඒවාද යන්න Sotheby’s හෙළි කිරිමෙන් වැලකි සිටියේය.