අරාබියෙන් අගහරුවලට ප්‍රථම අභ්‍යාවකාශ යානය ගමන් ගනී


0

අඟහරු වෙත පළමු අරාබි අභ්‍යවකාශ මෙහෙයුම සඳුදා ජපානයේ සිට රොකට්ටුවකින් අභ්‍යාවාකාශ ගතකලේය මෙය ‘හෝප්’ නමින් හදුන්වන ලදි.

දියත් කිරීමේ සජීවී විකාශනය කල අතර මෙම යානය අරාබි බසින් “අල්-අමල්” ලෙස හැඳින්වෙන අතර රොකට්ටුව දකුණු ජපානයේ තනේගාෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ඇරඹිය.

දියත් කර මිනිත්තු පහකට පසු, යානය රැගෙන යන රොකට්ටුව එහි ගුවන් ගමනේ පළමු වෙන්වීම සිදු කලේය.එමිරාටි ව්‍යාපෘතිය අඟහරු වෙත යන ප්‍රධාන මෙහෙයුම් තුනෙන් එකක් වන අතර චීනයෙන් ටියැන්වෙන් -1 සහ එක්සත් ජනපදය ද 2020 දි අගහරුවෙත යානා යැවිමට කටයුතු කරයි.මෙලෙස 2020 විශේශ වන්නේ මේ කාලයේ අගහරු අපගේ ප්ෘතුවිය ආසන්නයට පැමිනිමයි.

අගහරු වෙත යන ගමන නිරික්ශන කරන අරාබියේ මධ්‍යස්ථානය

ඔක්තෝම්බර් මාසයේදී අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට සැතපුම් මිලියන 38.6 ක් (කිලෝමීටර් මිලියන 62.07 ක්) සාපේක්ෂව කෙටි දුරකට පැමිනෙනු ඇතැයි නාසා ආයතනය පවසයි .

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්සත් වීමේ 50 වන සංවත්සරය සනිටුහන් කරමින් 2021 පෙබරවාරි වන විට ‘හෝප්‘ අඟහරුගේ කක්ෂයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම වසර සඳහා සැලසුම් කර ඇති අනෙකුත් අඟහරු ව්‍යාපාර දෙක මෙන් නොව, එය රතු ග්‍රහලෝකයට ගොඩ බැසීම සිදු නොකරන අතර, ඒ වෙනුවට එය මුළු අඟහරු වටා වසරක් හෝ දින 687 ක් වටා කක්ෂගත වේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk