ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා ධවල මන්දිරය අසල පල්ලියක් ඉදිරිපිට බයිබලය අල්ලාගෙන ඡායාරූපවලට පෙනී සිටියේය. විරෝධතාකරුවන් කඳුළු ගෑස් සහ රබර්-උණ්ඩ වලින් එම ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස ඔහු නියෝග කළේය.
WATCH: President Trump walks across Lafayette Park to St. John's Church. Holding a Bible he says, "We have a great country. That's my thoughts." pic.twitter.com/A3HS8hR32p
— CSPAN (@cspan) June 1, 2020
නිතිපතා පල්ලි යන්නෙකු නොවන ට්‍රම්ප් යාච්ඥ්ඥා කළේවත් බයිබලය විවෘත කළේවත් නැත. ඔහු තම පරිපාලනයේ සෙසු සාමාජිකයන් සමඟ සිටගෙන සිටියදී, පොත සමඟ විවිධ ඉරියව්වලින් ඡායාරුප ගනිමින් සිටියේය, එය ඔහුගේ බයිබලයදැයි වාර්තාකරුවෙකු ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ එය “බයිබලයක්” පමණක් බවයි.
“ලෝකයේ ශ්‍රේෂ්ථතම තම රට අප සතුව ඇත,” ට්‍රම්ප් පල්ලිය ඉදිරිපිටදී බයිබලයක් අතැතිව සහ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, නීතිපති බිල් බාර්, ජ්‍යෙෂ්ඨ උපදේශක සහ බෑණා ජැරඩ් ඇතුළු සහායකයින්ගෙන් වට වී සිටියේය.
ඔහු කතා කරමින් සිටියදී සාමකාමී විරෝධතාකරුවන් ධවල මන්දිරයේ ගේට්ටුවලින් පිටත රබර් උණ්ඩ, කඳුළු ගෑස් යොදාගෙන විසුරුවා හරිමින් සිටියේය.