ඉන්දියාවේ කොරෝනා වයිරස් ව්‍යසනය නරක අතට හැරෙත්ම, නව ආසාදන රැළි දකුණු හා ගිනිකොනදිග ආසියාව පුරා රටවල් රැසක් වේගයෙන් ගිලෙමින් පවතී – වසංගතය ආරම්භ වූ දා සිට ඔවුන්ගේ දරුණුතම පැතීරිම සමඟ සමහරු පොරබදමින් සිටිති.ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බදාදා ප්‍රකාශ කළේ ගෝලීය ආසාදනවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවට ඇති බවත් පසුගිය සතිය තුළ වාර්තා වූ මරණ වලින් හතරෙන් එකක්ම ඉන්දියාවේන් වර්තාවූ බවත්ය.
නමුත් ඉන්දියාව අවට රටවල, උතුරේ නේපාලයේ සිට ශ්‍රී ලංකාව දක්වාත්, දකුණේ මාලදිවයින දක්වාත් කොරෝනා රෝගින් ප්‍රමාණය් ඉහළ ගොස් තිබේ . එය ඉන්දියාවේ අසල්වැසියන් පමණක් නොවේ – අග්නිදිග ආසියාවේ තව දුරටත්, තායිලන්තය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව යන රටවල ද ආසාදන වැඩි වෙමින් පවතී.අග්නිදිග ආසියානු කලාපයේ නව රෝගීන් මිලියන 2.7 ක් සහ නව මරණ 25,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව පිළිවෙලින් 19% ක් සහ 48% කින් ඉහළ ගොස් තිබේ.
වෛරසය වේගයෙන් පුනර්ජීවනය වීම මෙම රටවල සෞඛ්‍ය පද්ධති සහ වෛද්‍ය සැපයුම් කෙරෙහි දැවැන්ත පීඩනයක් ඇති කර තිබේ. ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ සමහරු ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටිති.ආසියාව පුරා දිග හැරෙන ඛේදවාචකය නැවැත්වීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බව ජාත්‍යන්තර රතු කුරුස හා රතු ක්‍රෙසන්ට් සංගම් සම්මේලනය (අයිඑෆ්ආර්සී) බදාදා අනතුරු ඇඟවීය.