ආසියානු අලි 18 දෙනෙකු අබිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් ඉන්දීය වන සංරක්ෂණ නිලධාරීන් විසින් බ්‍රහස්පතින්දා පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, බදාදා දැවැන්ත අකුණු සැර වැදීමෙන් සිදුවිය හැකි බවට ප්‍රදේශවාසීන් සැක කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. හද කම්පා කරවන ට්විටර් ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ මියගිය අලි ඇතුන් අතර දළ සහිත ඇත් පැටවුන් කිහිපදෙනෙකු ඇතුළත් වන බවයි. “නාගෝන්හි කොතියතෝලි කඳු වැටිය යටතේ ඇති වූ විශාල ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඊයේ රාත්‍රියේ අලි 18 ක් මිය යාමෙන් දැඩි වේදනාවක් දැනුණා” යැයි බ්‍රහස්පතින්දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අසාම් වන සංරක්ෂණ අමාත්‍ය පරිමල් සුක්ලබයිඩියා පවසයි.
Deeply pained by the death of 18 elephants last night due to massive thunderstorm under Kothiatoli Range in Nagaon. I shall be visiting the site tomorrow morning along with PCCF(wildlife) & senior officials to take stock of the situation as directed by HCM Dr.@himantabiswa. pic.twitter.com/CxHqmUZFtv
— Parimal Suklabaidya (@ParimalSuklaba1) May 13, 2021
“හෙට උදෑසන පීසීසීඑෆ් (වනජීවී) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මෙම ස්ථානයට පැමිණ මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ඔහු සූදානම් බව” ඔහු පැවසීය.මෙම අලි ඇතුන් හට මරු කැදවුයේ කුමක් දැයි එය තවමත් තහවුරු කර නැත, නමුත් “මූලික වාර්තාවෙන් ඇඟවෙන්නේ අකුණු සැර වැදීමෙන් මරණ සිදුවිය හැකි බවයි – විෂ හෝ රෝග වැනි වෙනත් හේතුවක් තිබිය හැකිදැයි අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මගින් සොයා බැලිය යුතු ය” යි සුක්ලබයිඩියා රූටර්ස් වෙත පැවසීය. කෙසේ වෙතත්, අලි ඇතුන් සොයාගත් ප්‍රදේශවාසීන් එකඟ වූයේ බදාදා රාත්‍රියේ අකුණු සැර වැදීමෙන් සතුන් මැරීමට ඉඩ ඇති බවයි. ප්‍රාදේශීය වන සංරක්ෂකයෙක් පැවසුවේ ප්‍රදේශයේ පිළිස්සුණු ගස් දැක ඇති බවයි.