තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැති Asian Classic Equipped Bench Press සහ Powerlifting ශූරතාවලියේදී රන් පදක්කම් 14ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් සහභාගි වූහ.කිලෝග්‍රෑම් 47 බර පන්තියේ සමස්ත ශූරතාව ඇතුළුව රන් පදක්කම් 4ක් දිනා ගැනීමට ෂෙනුකි දිශාල්‍යා සමත් වූවාය. එම තරගාවලියේදී ඇය සිය ශ්‍රී ලංකා වාර්තාවද බිඳ දැමුවාය.
තවමත් කොළඹ බිෂොප් විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ෂෙනුකි ජිම්නාස්ටික්, පිහිනුම් සහ බර ඉසිලීමේ ක්‍රීඩාවල නිරත වන්නීය. මේ අතර රන්සිළු ජයතිලක කිලෝග්‍රෑම් 120 බර පන්තියේ විවෘත අංශයෙන් තරග වැදුණු අතර එහිදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් විය. රන්සිළු 5 වැනි වරටත් ආසියානු ශූරතාව දිනුවා.
Congratulations!
— Team Sri Lanka (@OlympicLK) December 29, 2021
Sri Lankan athlete Shenuki Dishalya won 4 gold medals in the 47 kg weight class at the Asian Classic Equipped Bench Press and Powerlifting Championships held in Istanbul, Turkey.#NOCSriLanka #Powerlifting #champion pic.twitter.com/xJKTqqaAp7
සුරේන් පෙරේරා කිලෝග්‍රෑම් 59 විවෘත බර පංතියෙන් රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.එපමණක් නොව, ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රවීණ රග්බි සහ ශාරීරික යෝග්‍යතා ගුරුවරයා වන මෝතිලාල් ජයතිලක රන් පදක්කම් 4ක් ද, චන්දන තිලකරත්න රන් පදක්කම් 3ක් ද, හිරාන් ප්‍රනාන්දු රන් පදක්කමක් ද දිනා ගත්හ.
Asian Classic & Equipped Bench Press and Powerlifting Championship සංවිධානය කරනු ලබන්නේ Asian Powerlifting Federation විසින්, තුර්කියේ Powerlifting සම්මේලනයේ සහයෝගීතාවයෙනි.රටවල් 20 ක පවර් ලිෆ්ටිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියට සහභාගි වෙති.