දෙසැම්බර් 4 වෙනිදා, 2021 වසරේ අවසාන සූර්යග්‍රහණයට හසු වූ නිසා ඇන්ටාක්ටිකාව අඳුරේ ගිලුනාය. දර්ශනීය නැරඹීමේ වරප්‍රසාදය භුක්ති විඳිය හැක්කේ කිහිප දෙනෙකුට පමණි. මෙම සම්පුර්ණ සූර්ග්රහනය පෙනෙන්නේ ඇන්ටාක්ටිකාවේ පමණි. කෙසේ වෙතත්, දුර්ලභ සංසිද්ධිය අත්විඳිනු ලැබුවේ ඩොලර් 40,000 කට ආසන්න මුදලක් ගෙවා ඇන්ටාටිකාවට ගිය විද්‍යාඥයින් සහ විශේෂඥයින් සුළු පිරිසක් විසිනි.
Watch: Total solar eclipse seen from Union Glacier, Antarctica
— Economic Times (@EconomicTimes) December 5, 2021
Track the day's latest news updates here – https://t.co/z2mHmXdWFQ pic.twitter.com/z6I9mcay4S
ග්‍රිනිච් වේලාවෙන් 0700 ට චන්ද්‍රයා සූර්යයා ඉදිරියෙන් ගමන් කිරීමට පටන් ගත් විට සූර්යග්‍රහණය ආරම්භ විය. එය GMT 0806 ට අවසන් විය. මෙම අපූරු දර්ශනය නාසා ආයතනය විසින් යූනියන් ග්ලැසියර් කඳවුරේ සිට සජීවීව විකාශය කරන ලදී. සූර්යග්‍රහණය අතරතුර, සූර්යයා දෙස කෙලින්ම නොබලන ලෙස මිනිසුන්ට උපදෙස් දෙනු ලැබේ. ජනතාව සූර්යග්‍රහණ කණ්ණාඩි පැළඳිය යුතු යැයි යෝජනා කෙරේ. ඔවුන්ට මෙම දර්ශනය අත්විඳීමට දුරේක්ෂයක් පවා භාවිතා කළ හැකිය.
🌒 WATCH: Antarctica had a clear view early Saturday of a total solar eclipse, which is when the moon passes between the sun and Earth, casting a striking shadow pic.twitter.com/HBlVWJdyBM
— Bloomberg Quicktake (@Quicktake) December 4, 2021
නාසා ආයතනයට අනුව, මෙම සූර්යග්රහනය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දකුණු අර්ධගෝලයේ කොටස් හරහා ද දිස් විය. මෙයට ශාන්ත හෙලේනා, නැමීබියාව, ලෙසෝතෝ, දකුණු අප්‍රිකාව, චිලී, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ කොටස් ඇතුළත් වේ.