පසුගිය සැප්තැම්බරයේ කැලිෆෝනියාවේ ස්ටාර්ට් අප් සමාගමක් එක්සත් ජනපද ගුවන් හමුදාව සමඟ එක්ව සුපර්සොනික් ගුවන් යානයක් ඇමරිකානු ජනපතිගේ නිල ගුවන් සේවය වන එයාෆොස් වන් ලෙස භාවිතා කළ හැකි වන ලෙස නිර්මාණය කරන බව පැවසෙනවා. සුපර්සොනික් වේගයයෙන් ගමන් ගන්නා මැක් 1.8 ක වේගයක් සහිතව නිර්මාණය කිරිමට බලාපොරොත්තු වෙන මෙම යානයේ ජනපතිට අමතරව ඔහුගේ අමුත්තන් සහ කාර්යමණ්ඩලයට ගමන් ගත හැකි බව පැවසෙනවා.
“මෙම සංකල්පය සමඟ අපි අද ලබා ගත නොහැකි හෝ වාණිජ හෝ ව්‍යාපාරික ගුවන් යානාවල (තවමත්) නොදකින නව තාක්ෂණයන් ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කරමින් සිටිමු” යැයි එක්සොසොනික් හි ප්‍රධාන ගුවන් යානා අභ්‍යන්තර මෝස්තර නිරූපණ ශිල්පී ස්ටෙෆනි චහාන් පවසයි.
මෙම යානය සදහා යොදාගන්නා “boom-softening ” තාක්ශනයෙන් සුපර් සොනික් වේගයෙන් ගොඩබිමද පහතින් ගමන් ගත්ත හැකි අතර සමාන්‍ය සුපර්සොනික් යානවල මෙන් මෙම යානයේ සොනික් බූම්බ් ලෙස හැදින්වෙන විශාල ශබ්ධයන් ඇති නොවන බව පැවසේ.