ඇමරිකාවේන් මිනිමරු-බඹර විශේෂය සොයා ගැනුන බව ප්‍රකාශවේ


0

එක්සත් ජනපදයේ තිබී සොයාගත් මිනීමැරුම් බඹරා ලෙස දැක්වෙන  බඹර වර්ගයේ පළමු කැදැල්ල විනාශ කිරීම සඳහා දැඩි ලෙස ආරක්‍ෂිත කාර්ය මණ්ඩලයයක් සෙනසුරාදා වොෂිංටන් ප්‍රාන්තයේ ක්‍රියා කලහ.කැනේඩියානු දේශ සීමාව අසල බ්ලේන් නගරයේ තිබී හමුවූ කූඩුව බාස්කට්බෝල් ප්‍රමාණයක පමණ වන අතර එහි බඹරුන් 100 ත් 200 ත් අතර ප්‍රමාණයක් සිට ඇතැයි විද්‍යාඥ්ඥයෝ පවසති.

සෙනසුරාදා විශේෂ ආරක්ෂක ඇඳුම් ඇඳගත් කාර්ය මණ්ඩලය ගසක කුහරයේ සිට ආක්‍රමණශීලී කෘමීන් විශාල ප්‍රමාණයක් රිත්තක නල මගින් බොතල් වලට එකතු කර ගැනිම සිදුකලේය.ප්‍රදේශයේ තවත් කූඩු ඇති බවට නිලධාරීන් සැක කරන අතර ඔවුන් දිගටම සෝදිසි කරනු ඇත.

එක්සත් ජනපදයේ සාමාන්‍යයෙන් හමු වන බඹරුන් සහ මී මැස්සන් වසරකට සාමාන්‍යයෙන් පුද්ගලයින් 62 ක් මරා දමන බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි. මයිටාවන්, රෝග, පළිබෝධනාශක සහ ආහාර අහිමිවීම වැනි ගැටළු වලින් දැනටමත් බැටකන ඇමරිකාවේ මී පැණි වගාවන් වලට ආසියානු යෝධ බවරුන්ගෙන් සැබෑ තර්ජනය පවතී.

ආක්‍රමණශීලී කෘමියා සාමාන්‍යයෙන් චීනය, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය සහ අනෙකුත් ආසියානු රටවල දක්නට ලැබේ. උතුරු ඇමරිකාවේ හෝනට් සොයාගෙන ඇති එකම ස්ථානය වොෂිංටන් ප්‍රාන්තය වේ.මෙම බඹරු දශ්ඨ කිරිමෙන් දැඩි වේදනවක් ලැබෙන අතර වැඩි ප්‍රමානයක් දශ්ඨ කලහොත් එම පුද්ගලයා මරණයර වුවත් පත්විට හැක.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk