එක්සත් ජනපද නාවික හමුදාවේ ගුවන් යානා ගෙන යන නෞකාවක් වන යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් නෞකාවේ අවම වශයෙන් නැවියන් 70 ක්ට කොරෝනා වෛරසය පැතිරී ඇති අතර, නෞකාවේ කාර්ය මණ්ඩලයේ ජීවිත බේරා ගැනීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව නාවික නායකත්වයට නැව විසින් අනතුරු අඟවා තිබේ.
“අපි මේ වන විට යුද්ධයක නැහැ. නැවියන් නිකරුනේ ජීවිතවලින් වන්දිගෙවීමට අවශ්‍ය නැහැ. අපි දැන් ක්‍රියා නොකරන්නේ නම්, අපගේ වඩාත්ම විශ්වාසදායක වත්කම වන අපගේ නැවියන් නිසි ලෙස රැකබලා ගැනීමට අප අසමත් වෙනවා” කපිතාන් බ්‍රෙට් ක්‍රොසියර් නාවික හමුදා පැසිෆික් කලාපයට ලිපියක් යවමින් පවසා තිබෙන බව සදහන් වනවා මේ බව, එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් තිදෙනෙක් තහවුරු කර ඇත.
මේ වන විට නැවතුල වෛරසය පැතිරයාම වේගයෙන් උත්සන්න වන බව පෙනේ. සතියකට පෙර පෙන්ටගනය සනාථ කළේ රූස්වෙල්ට්හි නැවියන් තිදෙනෙකු කොරෝනා වෛරස් ආසධනය ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර එම සංඛ්‍යාව දින දෙකකට පසුව 25 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එතැන් සිට අසාධිතයන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වී තිබේ.