ඇමරිකාවේ නැඟෙනහිර වෙරළේ සමහර ප්‍රදේශවලට වාර්තාගත හිම පතනයක් ඇති කළ නොර්ඊස්ටර් හි නරකම කාලය ගෙවී ගොස් ඇත, නමුත් “භයානක සීතල” සුළං තවමත් හමයි. මෙම සුලං නිසා උශ්නත්වය ශුන්‍යයට වඩා අංශක 10 සිට 20 දක්වා සීතල වීමට හේතු වේ. මේ වන විට ඇමරිකාවේ දකුණු නිව් ජර්සි, නිව් යෝර්ක්, පෙන්සිල්වේනියා සහ මැසචුසෙට්ස් යන ප්‍රදේශ වල ඊසානදිග පුරා වාර්තා බිඳ දැමූ ඝන හිම පතනයෙන් පසු දැඩි ශීතල ඇතිව තිබේ.
Boston has tied the record for biggest 1 day snowfall! 23.6 inches. The storm total is 23.8 but 0.2″ fell on 1/28 pic.twitter.com/NN7dKkPqe4
— NWS Boston (@NWSBoston) January 30, 2022
කුණාටුව කලාපයේ ගමනාගමනයට භාදා ඇති කළ අතර, මාර්ගවල අනතුරුදායක තත්ත්වයන් නිර්මාණය කළ අතර ගුවන් හා දුම්රිය ගමන් ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් සිදු විය. FlightAware ට අනුව සෙනසුරාදා එක්සත් ජනපදය තුළ, ඇතුළත හෝ ඉන් පිටත ගුවන් ගමන් 3,580 කට වඩා අවලංගු කරන ලද අතර, උදේ පාන්දර වන විට ඉරිදා සඳහා දහසකට වඩා අවලංගු කර ඇත.
Heavy snow and strong winds #Boston. state of #Massachusetts. USA #storm #hurricane #snow #snowfall #snowstorm #winter #blizzard pic.twitter.com/TyM36wa0El
— Aleksander Onishchuk (@Brave_spirit81) January 30, 2022
කුණාටුවෙන් හමා එන තද සුළං නිසා විදුලි රැහැන් කඩා වැටී දහස් ගණනකට කුරිරු සීතලෙන් විදුලිය විසන්ධි වී ඇත. මැසචුසෙට්ස් හදිසි කළමනාකරණ ඒජන්සිය (MEMA) ට අනුව අවම වශයෙන් මැසචුසෙට්ස් පාරිභෝගිකයින් 60,861 ක් ඉරිදා උදෑසන තවමත් විදුලිය නොමැතිව සිටිති.