එක්සත් ජනපදය ඊශ්‍රායලයේ හොඳම මිතුරා බව කවුරුත් දනිති. එක්සත් ජනපදය වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක් ආධාර ලබා දෙයි, ඊශ්‍රායලය හෙළා දකින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා නිරතුරුවම අවහිර කරයි, සහ සිය හමුදා ප්රහාරයන්ට ප්‍රසිද්ධියේ සහාය දෙයි.
එක්සත් ජනපදය සැමවිටම ඊශ්‍රායලය සමඟ එතරම් සමීප නොවීය. නිදසුනක් වශයෙන්, 1956 දී ඊශ්‍රායලය (ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය සමඟ) ඊජිප්තුව ආක්‍රමණය කළ විට එක්සත් ජනපදය ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටිමින් ආක්රමණිකයින්ට ඉවත්ව යාමට බල කළේය.
එක්සත් ජනපදය වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයේ රහසිගත න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරුද්ධ වූ අතර ඒ වෙනුවෙන් ක්‍රියාශීලීව ක්‍රියා කළේය.
අරාබි රාජ්‍යයන් අතර සැලකිය යුතු මට්ටමක පැවති මැද පෙරදිග සෝවියට් බලපෑම පාලනය කිරීම සඳහා ඊශ්‍රායලය ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස ඇමරිකානු ජනාධිපතිවරු සහ උපායමාර්ගිකයින් වටහාගත්තේය. ඊශ්‍රායලය සෝවියට් විරෝධී කන්ඩායමට තදින් ගැතිව තිබිම සඳහා රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි සහාය ඇමරිකාව භාවිතා කලේය.
මැද පෙරදිග කටයුතු සදහා එක්සත් ජනපද ප්‍රවේශය සීතල යුද්ධයෙන් පසුවත් එතරම් වෙනස් නොවීය. සීතල යුද්ධය පැවති සමයේ මැද පෙරදිග අභ්‍යන්තරයේ ආරවුල් සහ ගැටලු කළමනාකරණය කිරීමට එක්සත් ජනපදය වැඩි වැඩියෙන් සම්බන්ධ වූ අතර 90 දශකයේ ලෝකයේ එකම සුපිරි බලවතා ලෙස එම භූමිකාව පවත්වා ගෙන ගියේය.
ගෝලීය තෙල් වෙළඳපොල ඇතුළු හේතු ගණනාවක් නිසා මැද පෙරදිග ස්ථායිතාව කෙරෙහි ඇමරිකානුවන් උනන්දුවක් ඇති කළ අතර එක්සත් ජනපදය කලාපීය ස්ථාවරත්වය සහතික කිරීමේ කාර්යභාරය භාර ගත්තේය.මෙම නිසා එක්සත් ජනපදය ඊජිප්තුව, සවුදි අරාබිය සහ ඊශ්‍රායලය වැනි රාජ්‍යයන්ට සහාය දැක්වීම උපායමාර්ගිකව වටින බව වටහාගත්තේය.