ඉතාලිය ලොව එක්දිනක වැඩිම කොරෝනා මරණ සංක්‍යාව වාර්තා කරයි


0

ඉතාලියේ කොරෝනා වයිරසයෙන් මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව එක් දිනක් තුළ 475 දක්වා ඉහළ ගොස් තිබේ. එය ලොකයේ කොරෝනා ව්‍යාප්ත වී යාමෙන් පසු විශාලතම වැඩිවීමයි.

රට තුළ තහවුරු වූ රෝගීන් 35,713 ක් වාර්තා වී ඇති අතර 4,000 කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව සුවය ලබා ඇත.දරුණුතම ලෙස වෛරසය පැතිරි ඇත් ප්‍රදේශයක් වූ ලොම්බාර්ඩි එක් දිනකදී මරණ 319 ක් වාර්තා කර තිබේ.

‌ ඉතාලියේ වෛද්‍යවරුන් හිඟය නිසා මේවන විට වෛද්‍ය සිසුන් කැදවා ඇත

පසුගිය වසරේදී වෛරසය ව්‍යාප්තිය පටන්ගත් චීනයට පසු ලෝකයේ දරුණුතම බලපෑමට ලක්වූ රට ඉතාලියයි. අවම වශයෙන් පුද්ගලයින් 8,758 ක් ලොව පුරා මියගොස් ඇති අතර බොහෝ දෙනා චීනයේ ය.

තහවුරු වූ රෝගීන් 200,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් – 80% ක් සිදුව ඇත්තේ යුරෝපයේ සහ බටහිර පැසිෆික් කලාපයේ වන අතර ආසියාවේ වැඩි කොටසක් ද ඊට ඇතුළත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

බොහෝ රටවල් සමාජ දුරස්ථ කිරීම සහ ප්‍රධාන උත්සව අවලංගු කිරීම ඇතුළු දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එය වෛරසය මන්දගාමීව සම්ප්‍රේෂණය වීමට සහ සෞඛ්‍ය පද්ධති මත පීඩනය අඩු කිරීමට උපකාරී වේ.

වෛරසයේ පැතිරීම නැවැත්වීමට බලධාරීන් උත්සාහ කිරීම නිසා ඉතාලිය සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා ඇත.මිනිසුන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස ඉල්ලා ඇත – නමුත් මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහල යමින් පවතී.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk