ඉතාලිය විසින් වෛද්‍ය ශිෂ්‍යන් 10,000 ක් සේවයට බඳවාගෙන තිබෙනවා ඒ ඔවුන්ගේ අවසාන විභාග අවලංගු කරමිනි.මෙලෙස වෛද්‍ය ශිෂ්‍යන් සේවයට යොදවා ඇත්තේ කොරෝනා වෛරසයට සාර්තකව මුහුන දීමට අවශ්‍ය ලෙස සෞක්‍ය ක්ශෙත්‍රය ශක්තිමත් කිරීමටයි.
පෙබරවාරි 21 වන දින ඉතාලියේදී මෙම රෝගය හේතුවෙන් පුද්ගලයින් 2,158 ක් පමණ මියගොස් ඇති අතර, තහවුරු වූ මුළු රෝගීන් සංඛ්‍යාව 27,980 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉතාලිය චීනයෙන් පිටත දරුණුතම බලපෑමට ලක්වූ රට බවට පත්විය.
මෙම අර්බුදය හේතුවෙන් උතුරු ඉතාලියේ රෝගයේ කේන්ද්‍රස්ථානය බවට රෝහල් තල්ලු වී ඇති අතර රට පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යත්ම අනෙකුත් ප්‍රදේශ ඔවුන්ගේ සෞඛ්‍ය ජාල ශක්තිමත් කර ගැනීමට වෙහෙසෙමින් සිටී.
වෛද්‍ය ශිෂයන් ය වෛද්‍යවරුන්ගේ සායනවල සහ රෝගි ජනතාවගේ නිවෙස්වල සේවය සඳහා යවනු ලබන අතර, අත්දැකීම් බහුල වෛද්‍යවරුන් නිදහස් කර වේගයෙන් පිරෙන රෝහල් වෙත යවනු ලැබේ.

සති තුනකට අධික කාලයක් තුළ, උතුරු කලාපයේ වඩාත්ම පීඩාවට පත්වූ ලොම්බාර්ඩි හි 1,135 දෙනෙකුට දැඩි සත්කාර අවශ්‍ය වී තිබේ. මිලාන්හි පොලික්ලිනිකෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී ජියාකොමෝ ග්රැසෙලි පවසන පරිදි මෙම කලාපයේ ඇත්තේ දැඩි සත්කාර ඇඳන් 800 ක් පමණි.
ෆියෙරා මිලානෝ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ විශේෂයෙන් නිර්මාණය කරන ලද ස්ථානයක දැඩි සත්කාර ඇඳන් සිය ගණනක් පිහිටුවීමට බලධාරීන් කටයුතු කරමින් සිටියද ප්‍රමාණවත් ශ්වසන යන්ත්‍ර සහ සුදුසුකම් ලත් පිරිස් හිඟය නිසා මෙය අරම්බ කිරීමට අපසුවී ඇත.