සෞදි අරාබිය රුසියාවට එරෙහිව මිල-යුද්ධයක් දියත් කරමින් වෙළඳපොළ කම්පනයට පත් කිරීමෙන් පසු එක රැයකින් තෙල් මිල ඉතිහාසයේ සිදුවූ විශාලම අඩුවීම වර්ථා කලේය .
මේ වන විට බොරතෙල් බැරලයක මිල 27% කින් පහළ ගොස් ඩොලර් 30.04 ක් දක්වා අඩුවී තිබෙනවා. ගෝලීය මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 26% කින් අඩුව ඩොලර් 33.49 ක් දක්වා පහත වැටි තිබෙනවා. රෙෆිනිටිව් පුවත්පතට අනුව, මේ වන විට තෙල් කර්මාන්තය 1991 සිට ඔවුන්ගේ නරකම දිනයන් කරා ගමන් කරමින් සිටිනවා.

කොරෝනා නව වෛරස් පැතිරීම නිසා ඒ වන විටත් කඩා වැටෙමින් ඇති කොටස් වෙලඳපොලවල් ද තෙල් මිල පහලට යමට හේතු විය . සඳුදා ආසියා කලාපයේ කොටස් වෙළඳපල කඩා වැටුණු අතර එක්සත් ජනපද ගණුදෙනුද දැවැන්ත ලෙස පහත වැටුණි. යුරෝපයේ FTSE 100 ( UKX ) 8.5% කින් පහත වැටුණු අතර BP ( BP ) 20% කින් පහත වැටුණු අතර ජර්මනියේ DAX ( DAX ) 7.4% කින් ද ඉතාලියේ ප්‍රධාන දර්ශකය 7% කින් ද පහත වැටුණි.
සිකුරාදා වියානා නුවර පැවති රැස්වීමකදී තෙල් නිෂ්පාදනය තවදුරටත් කප්පාදු කරමින් කොරෝනා වයිරසයෙන් පීඩාවට පත් තෙල් වෙළඳපොළ බේරා ගැනීමේ ඔපෙක්ගේ යෝජනාව රුසියාව ප්‍රතික්ෂේප කලේය. මෙම ගැටුම නිසා තෙල් කර්මාන්තය කම්පනයට පත් වූ අතර සිකුරාදා තෙල් මිල 10% කින් පහත වැටුණි .
2014-2016 තෙල් කඩාවැටීම නිසා තෙල් හා ගෑස් සමාගම් දුසිම් ගණනක් බංකොලොත් භාවය සහ සිය සේවකයන් දහස් ගණනක් දොට්ට දැමීමය. කෙසේ වෙතත්, එක්සත් ජනපද ෂේල් කර්මාන්තය එම කාල පරිච්ඡේදයේ සිට ශක්තිමත් වූ අතර එක්සත් ජනපදය අවසානයේ ලෝකයේ ප්‍රමුඛතම තෙල් නිෂ්පාදකයා බවට පත්වනු ඇත.