ඉන්දියානු රජයේ පිටුබලය ලබන COVID-19 එන්නත පෙබරවාරි මස මුලදී බලාපොරොත්තු වූවාට වඩා මාස කිහිපයකට පෙර දියත් කළ හැකි බව පැවසෙනවා.මේවන විට අවසාන අදියර අත්හදා බැලීම් මේ මාසයේ ආරම්භ වන අතර අධ්‍යයනවලින් එය ආරක්ෂිත හා ඵලදායී බව මෙතෙක් පෙන්වා දී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ්ඥයෙක් රොයිටර් පුවත් සේවයට පැවසා ඇත.
රජය විසින් පාලනය කරනු ලබන ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (අයිසීඑම්ආර්) සමඟ එක්ව කොරෝනා එන්නත සංවර්ධනය කරන පෞද්ගලික සමාගමක් වන භාරත් බයෝටෙක් මීට පෙර අපේක්ෂා කළේ එය ලබන වසරේ දෙවන කාර්තුවේදී පමණක් දියත් කිරීමටයි.
“එන්නත හොඳ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කර තිබේ” යැයි එහි COVID-19 කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් වන ICMR හි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ්ඥ රාජ්නි කාන්ත් බ්‍රහස්පතින්දා නවදිල්ලි පර්යේෂණ ආයතනයේ දී පැවසීය.පරීක්ෂාවට භාජනය වන අනෙකුත් එන්නත් මොඩර්නා ඉන්ක්, ෆයිසර් ඉන්කෝපරේෂන් හවුල්කරු බයෝටෙක් එස්ඊ සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් විසින් සංවර්ධනය කරනු ලැබේ.