ඉන්දියානු පරික්ශකයන් ජැකලින් ගේ කෝටි 7 ක මුදලක් ලෙ​ස රාජසන්තක කර බව ප්‍රකාශ​වේ


0

රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ විමර්ශනයේ කොටසක් ලෙස නි​ලි ජැකලින් ෆර්නැන්ඩස්ගේ නම යටතේ රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටවා ඇති බව ආරංචි මාර්ග පවසයි. ඉන්දියාවේ නිතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් කෝටි 7.27 ක් වටිනා වත්කම් අතිහිටවා ඇති අතර – මෙයට නිලිය වෙනුවෙන් චන්ද්‍රශේඛර් විසින් තිර රචකයෙකුට ගෙවන ලද රුපියල් කෝටි 7.12 ස්ථාවර තැන්පතුව සහ රුපියල් ලක්ෂ 15 ක මුදලක් ඇතුළත් වේ .

2019 දී මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් සිරගත කරන ලද Ranbaxy හි හිටපු හිමිකරු ශිවින්දර් සිංගේ පවුලෙන් කප්පම් ගත් බව කියන රුපියල් කෝටි 200 න්, චන්ද්‍රශේකර් නිලිය වෙනුවෙන්  රුපියල් කෝටි 5.71 ක් වටිනා තෑගි ලබා දුන් බවට ඉන්දිය නිතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය චෝදනා කරයි .

ශිවින්දර් සිංගේ බිරිඳ අදිති සිංගේ පැමිණිල්ලකට අනුව චන්ද්‍රශේඛර්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති අතර, ඇය තම සැමියා නිදහස් කර දීමට කටයුතු කරන බවට පොරොන්දු වී තමාගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා කළාය. චන්ද්‍රශේඛර්ට එරෙහි විමර්ශනය පුළුල් වන විට, චෙන්නයි හි මුහුදු වෙරළේ මන්දිරයක්, ෆෙරාරි, බෙන්ට්ලි සහ රෝල්ස් රොයිස් ඇතුළු මෝටර් රථ 23 ක් පිලිබද තොරතුරු හෙලිවිය.

විමර්ශකයින් නිලියගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඇය වංචාකරුවා සමඟ ඇති සම්බන්ධය පිළිබඳව ය. රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු , රුපියල් ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු , මැණික් එබ්බවූ කරාබු සහ හර්මීස් බ්‍රේස්ලට් ඇතුළු තෑගි සමඟ ඇය චන්ද්‍රශේඛර්ගෙන් ඩොලර් ලක්ෂ 1.5ක ණයක් ලබා ගත් බවට පාපොච්චාරණය කර ඇති බව දැනගන්නට ඇත . ඇය පසුව ආපසු පැමිණි Mini Cooper මෝටර් රථයක් ද “ලැබුණු” බව වාර්තා වේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk