ඉන්දියාවෙන් COVISHIELD එන්නත් මාත්‍රාව 500,000 ක් අද දින විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.කොරොන වයිරස් එන්නත් කිරීමේ වැඩසටහන හෙට සිට කොළඹ හා ඒ අවට රෝහල් හයකදී ආරම්භ වේ.එන්නත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ආරම්භ කරමින් හෙට රෝහල් හයක කාර්ය මණ්ඩලය සඳහා එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
A dependable partner, a reliable friend. Made in India vaccines reach Sri Lanka now.#VaccineMaitri pic.twitter.com/7lUEqUPbNs
— Dr. S. Jaishankar (@DrSJaishankar) January 28, 2021
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණු ශික්ෂණ රෝහල, කොළඹ උතුරු ශික්ෂණ රෝහල, හෝමගම මූලික රෝහල, කොළඹ නැගෙනහිර මූලික රෝහල සහ අංගෝඩාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය (අයිඩීඑච්) එන්නත ලබා දෙනු ඇති බවයි.
වැඩසටහන ආරම්භයේදී මෙම රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් සියයට 25 ක් පමණ එන්නත ලබා දෙන බව ඔහු පැවසීය.ඉදිරි දින කිහිපය තුළ ඉතිරි සේවකයින්ට එන්නත ලබා දෙන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය